Local

ට‍්‍රම්ප්ගෙන් නව බද්දක්.. ලංකාවට දැඩි බලපෑම්..

Sunday, 17 November 2024 - 9:41 am

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වෙළෙඳ ආරක්ෂණ ප්‍රතිපත්තිය අනුව එරටට චීනයෙන් සහ වෙනත් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කෙරෙන තීරු බදු පිළිවෙළින් සියයට 60 සහ සියයට 20 දක්වා ඉහළ නැංවීමට සාකච්ඡා සිදු වෙමින් පවතින හෙයින් එමගින් ඉදිරියේ දී මෙරට අපනයන ආර්ථිකයට යම් බලපෑමක් විය හැකි බව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය.

ඒ අනුව මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන ඇඟලුම් සඳහා දැනට අය කෙරෙන සියයට 12.2 ක් වෙන තීරු බද්ද සියයට 20 දක්වා හෝ සියයට 32.2 දක්වා හෝ ඉහළ නංවනු ලැබුව හොත් ඇමෙරිකානු වෙළෙඳ පොළෙහි අලෙවි වෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇඟලුම්වල මිල ගණන් ඉහළ ගොස් අලෙවිය අඩු විය හැකි බව ද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වලින් ඇඟලුම් සඳහා සියයට 12.2 ක් ද රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන වලට සියයට 2.5 ක් ද ආහාර නිෂ්පාදන වලට සියයට 4.1 ක් ද රසායනික නිෂ්පාදන වලට සියයට 4.3 ක් ද කුළු බඩුවලට සියයට 0.3 ක්ද වශයෙන් තීරු බදු අය කෙරේ.

2023 දී ලංකාව ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර ඇති අතර එය ලංකාවේ මුළු අපනයන වලින් සියයට 23 කි. අදාළ තීරු බදු සංශෝධන සිදු කළ හොත් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ලැබෙන විදේශ විනිමය සියයට 8-10 අතර ප්‍රමාණයකින් පහළ යා හැකි බවට ද ඔහු පුරෝකථනය කළේය.

යෝජනා කර ඇති පරිද්දෙන් තීරු බදු වැඩි කළ හොත් එයින් යුරෝපා ආර්ථිකයටත් බලපෑම් එල්ල විය හැකි බව ද මෙරට ඇඟලුම් සඳහා දෙවැනි විශාලතම වෙළෙඳපොළ යුරෝපය බැවින් එමගින් අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

මේ තත්ත්වය අවබෝධ කරගෙන අවශ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීමෙන් බලපෑම් අවම කරගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT