Local

පෙට්‍රල්, ඩීසල්, ගෑස් ඇතුළු භාණ්ඩ 100 කට අලුතින් VAT බද්ද වදිනවා - හර්ෂ

Wednesday, 22 November 2023 - 5:32 pm

මෙතෙක් එකතු කළ අගය මත පැනවෙන බදු හෙවත් වැට් බද්ද අදාළ නොවූ භාණ්ඩ අයිතම කිහිපයක් සඳහාද වැට් බද්ද අදාළ වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු ආචාර්ය මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව පෙට්‍රල්, ඩීසල්, ගෑස්, සියලුම යන්ත්‍රෝපකරණ, දුරකතන, පරිගණක, වෛද්‍ය උපකරණ, පොත්, සඟරා, රූපවාහිනී යනාදී අයිතම 100ක් සඳහා වැට් බද්ද අලුතින් එක්වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම අයිතම අතරින් ​ඇතැම් අයිතම සඳහා 15% දක්වා සහ ඇතැම් අයිතම සඳහා 18% දක්වා වැට් පැනවීමට නියමිත බවත් ඒ පිළිබඳ සවිස්තර ඇමුණුමක් අයවැය ලේඛනයට ඇතුළත් නොවීම ගැටලු සහගත බවයි පාර්ලිමේන්තු ආචාර්ය මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

15%ක් ලෙස දැනට පවතින එකතු කළ අගය මත බද්ද හෙවත් VAT ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට 18%ක් දක්වා ඉහළ දැමීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT