Local

මේ දවස්වල පොලිස්පතිකම නැති කරන්න ජාත්‍යන්තරයෙන් බලපෑම් එනවා

Sunday, 17 March 2024 - 4:38 pm

ද්‍රවිඩ භාෂාවෙන් පැමිණිලි සහ තොරතුරු ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක “107” හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහභාගිත්වයෙන් (16) සිදු කෙරුණි.

අපරාධ හා ප්‍රචණ්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම තේමා කර ගනිමින් වව්නියාව හා මන්නාරම කොට්ඨාස වල මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද සිදු විය.

එම අවස්ථාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙලෙස අදහස් දැක්වීය.

අද අපි මෙතනට පැමිණියේ පොලිස්පතිතුමා ප්‍රකාශ කරපු පරිදි යුක්තිය මෙහෙයුම ගැන කියලා ඔබ සියලු දෙනා කළ යුතු දේ පැහැදිලි කරන්න.අපි මේ මෙහෙයුම පටන් ගත්තේ මාස තුනකට කලින්,ඊටත් මාස හයකට විතර කලින් මම පොලිස්පතිතුමාට කියා සිටියේ එතකොට එතුමා පොලිස්පති නෙමෙයි.මට මෙවැනි දෙයක් කරන්න අවශ්‍යයි කියලා.අපි ඒකට අවශ්‍ය කටයුතු කරන්න සැලසුම් කරන්න කමිටුවක් පත් කෙරුවා. පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ පත් කරපු කමිටුව මාස හයක් විතර ගියාට පස්සේ අපි එක්ක සාකච්ඡා කරලා අපි මේ මෙහෙයුම කරන්නෙ කොහොමද කියන එක තීරණය කෙරුවා. ඉන්පසු දේශබන්දු තෙන්නකෝන් මහතාව වැඩ බලන පොලිස්පති හැටියට පත් කරගත්තට පස්සේ මම තීරණය කෙරුවා මෙහෙයුම පටන් ගන්න.

මට අවශ්‍ය වුණේ දකුණු පළාතේ විශේෂයෙන් එක දවසකින් මුළු දකුණු පළාතම මෙවැනි රැස්වීම් මාලාවකින් ආවරණය කරන්න.අපි ගිය වසරේ දෙසැම්බර් 16 වැනිදා ඒ රැස්වීම් මාලාව කරලා එදා තමයි අපි මහජනතාව දැනුවත් කෙරුවේ 17 වැනිදා පහුවදා උදේ ඉඳන් මෙම මෙහෙයුම පටන් ගන්නවා කියල මම මේ ඇමතිකම බාරගත්තට පස්සේ මම දැකපු එකක් තමයි මේ කුඩු ජාවාරමෙයි පාතාලයෙයි තියෙන ප්‍රශ්න අපේ රටේ තරුණ තරුණියන් පුතාලා දුවලා අම්මල තාත්තලා කවුරුත් ඇවිල්ලා තිබුන හැටි දැක්කා.එවැනි දෙයක් දැකපු නිසා තමා මම මේ මෙහෙයුම කරන්න තීරණය කෙරුවේ අපි මෙහෙයුම පටන් ගත්ත දවසෙ ඉඳන් කාටවත් කිසිම බුරුලක් නොදී මේ මෙහෙයුම ආරම්භ කරපු දවසේ ඉඳන් අද වෙනකම් කරගෙන යනවා.

ඒ දේ කරන්නේ ඔබ සියලු දෙනා වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ දූ දරුවන් වෙනුවෙන් අප රටේ සියලුම මහජනතාව වෙනුවෙන්.එහෙම හිතලා කරන මේ මෙහෙයුම මේ කුඩු තුරන් කිරීම සහ පාතාලය තුරන් කිරීම අපි කිසිදු බලපෑමකට යටත් නොවී දිගටම කරගෙන යනව ඔබ සියලු දෙනා දන්නවා මේ කුඩු ජාවාරමේ තියෙන මුදල් ප්‍රමාණය මිලියන ගණනින් සල්ලි විසි කරන්න ලෑස්ති අපේ මේ මෙහෙයුම නවත්වන්න. සමහර රටේ පිළිගත් උදවිය මේ මිලියන ගණන් වලට යටවෙලා ඔවුනුත් අපට බලපෑම් කරනවා. ඒ අතර සමහර නීතිඥ මහත්වරු ඉන්නවා.NGO කට්ටිය ඉන්නවා. බලවත් තව පුද්ගලයින් ඉන්නවා.ඒගොල්ලන් දැන් මේ දවස්වල ලොකුම දේ කරන්න හදන්නේ පොලිස්පතිතුමාගේ පොලිස්පතිකම නැති කරන්න ජාත්‍යන්තරයෙන් බලපෑම් එනවා.අපිට ලියුම් එවනවා. නිවේදන නිකුත් කරනවා. මේ දේවල් කරන්න කියලා. මම හැබැයි සියලු දෙනාටම කියන්න කැමතියි.

අපි පසුබට වෙන්නෙ නෑ අපි කරන්න තියෙන දේ කරනවා.කාගෙවත් බලපෑම්වලට යටත් නොවී මේ මෙහෙයුමට ජාති භේදයක් නෑ. ආගම් භේදයක් නෑ. දේශපාලනයක් නෑ. ඒක නිසා අපි නීතිය අකුරටම පිළිපැදිය යුතුයි කියලා සියලු දෙනාටම කියලා තියෙන්නේ සිංහල වෙන්න පුළුවන් දමිළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් ඒ සියලු දෙනාටම එකම විදිහට මේ නීතිය අපේ පොලිසිය මගේ අමාත්‍යාංශය යටතේ තියෙනකම් අපි ක්‍රියාත්මක කරන බව මම කියන්න ඕන.

අපේ පොලිසියට මේ පහුගිය අවුරුදු එකහමාරේ බලපෑම් කරන එක ගොඩක් අඩුවෙලා තියෙන්නේ. ඉස්සර ඕඅයිසී කෙනෙක් මාරු කරන්නේ ලියුම් අරගෙන එක්කෝ ටෙලිෆෝන් කෝල් එකකින් මෙයාව මාරු කරන්න කියලා. ඒ දේවල් දැන් වෙන්නෙ නෑ. ඒ මොකද මම මේ ඇමතිකම දරනකන් ඒ කිසිවකට මම ඉඩ තියන්නේ නෑ.

ඒක නිසා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ අපි සමග එකතුවෙන්න. අපි කරන මේ මෙහෙයුම මේ රට කුඩු වලින් සහ පාතාලයෙන් බේරගන්න කරන මෙහෙයුමක්.ඔබලට කරන්න පුළුවන් එක දෙයක් තමයි අපිට තොරතුරු සපයන එක.ඒක තමා ලොකුම දේ කරන්න පුළුවන් ඒක මම හිතන්නේ පොලිස්පතිතුමා තේරුම් කරලා දුන්නා.කිසි බයක් නැතුව තොරතුරු සපයන්න අපි දුරකථන අංක ලබා දීලා තියෙනවා. කවදාවත් අපිට තොරතුරු ලබා දුන්න අයගේ නම් එළියට යන්නේ නෑ.ඒක හින්දා කිසි දේකට බය වෙන්න ඕන නෑ.

ඉතිං අපි ඔක්කොටම වඩා ඔබ සියලු දෙනා තමයි තමන්ගේ ගමේ නගරයේ කුඩු විකුණන්නෙ කවුද කියන එක දන්නේ?අපිට වඩා ඔබ සියලු දෙනා ඒක නිසා ඒවා අපිට ලබා දෙන්න.ලොකු පොඩි කවුරු උනත් ඒ දේ කරන සියලු දෙනාම අපි අත්අඩංගුවට ගන්න බව පොරොන්දු වෙනවා.පාතාලය ගැනත් අපට තොරතුරු ලබා දෙන්න.කිසිම ගමක හෝ නගරයක චණ්ඩි ඉන්න බෑනේ. ඒ චන්ඩි තමා ඊට පස්සේ ටී පනස් හය පාවිච්චි කරලා මිනී මරණ තැනට එන්නේ. මම දන්නවා මේ පළාත් වලත් එවැනි චණ්ඩි ඉන්නවා. ඒක හින්දා කරුණාකරලා අපිට සෑම තොරතුරක්ම ලබා දෙන්න අපි පාතාලය නැතිකරන එක හොඳින් හෝ නරකින් හෝ කරන්න තීරණය කරලා තියෙන්නේ.

අපිට ඉඩ දෙන්න බෑ මිනිස්සු තුවක්කුවක් අරන් ගිහිල්ලා තව එක්කෙනෙකුට වෙඩි තියලා මෝටර් සයිකලයකින් නැගලා යද්දි ඔබ සියලු දෙනා දන්නවා මේ දේ වුණා. මීට කලින් තිබුන සමහර මාසයක හැමදාම මිනීමැරුමක්.දැන් ඒක අඩුවෙලා ඉතින් අපි පාතාලය පසුපස හඹා යන එක නවත්තන්නේ නෑ.

අපි තර්ජන මැද මෙවැනි දේවල් කරන්න ඉදිරිපත් වෙලා ඉන්න වෙලාවක ඔබ සියලු දෙනා අපි එක්ක අත්වැල් බැඳගෙන මේ රට කුඩුවලින් පාතාලයෙන් බේරගන්න එකට සහාය දෙන්න ඕන.එහෙම සහය දුන්නේ නැත්නම් කවද හරි ඔබලාට දුක් වෙන්න වෙයි. සමහරවිට ඔබලාගේ දූ දරුවෝ කුඩු බොන්න ගත්තහම එක්කෝ නරක අතට යනකොට ඉදිරියේදී ඔබලටම දුක් වෙන්න වෙනවා. තමන්ට තමන්ගේ ළමයින්ට දුවලා පුතාලාට ආදරයක් තියෙනවා නම්. පවුල් ගැන යම්කිසි හැඟීමක් තියෙනවා නම්.
ඒ වගේම මේ රටේ කුඩු හින්දා දහස් ගණනින් පවුල් කැඩිලා තියෙනවා.

මගේ ඉල්ලීම ඔබ සියලු දෙනා අපි එක්ක එකතු වෙන්න එකතුවෙලා අපි මේ උවදුරෙන් රට බේරගමු.මම පොලිස්පතිතුමාට කීවේ මට ජූනි තිස් වෙනිදා වෙනකොට ලොකු වෙනසක් දකින්න ඕන කියලා. නමුත් මම සන්තෝෂයි කියන්න ඊට කලින් මේ මාස තුනක් යනකොට රට පුරා වෙනසක් ඇතිවෙලා තියෙනවා.මම හිතන්නේ මම කියන්ඩ ඕන නෑ.ඔබ සියලු දෙනා දන්නවා ඔබ සියලු දෙනාගේ පළාත්වල තිබුණ තත්ත්වයයි.දැන් තත්ත්වයයි ගැන ඔබ සියලු දෙනා දන්නවා අපි මේ පළාත්වල.

මම හිතන්නේ මටත් පොලිස්පතිතුමාටත් මේ පළාත් අලුත් දෙයක් නෙවෙයි.මම දැකලා තියෙනවා මේ පළාත්වල ජනතාව කොච්චර දුක් වින්දද කියල යුද්ධය නිසා.මම 2002 2023 කාලෙ ඉඳන් 2005 වගේ වෙනකම් මම නිතරම මේ පළාත් වලට ආවා.වවුනියා කිලිනොච්චි මුලතිව් යාපනය ඒ පළාත්වලට මං ආවා. ඒ කාලේ මේ පළාත්වල මොබයිල් ෆෝන් කියන එක තිබුණේ නෑ.මම තමයි ඩයලොග් එක එක්ක එකතුවෙලා මේ පළාතට මොබයිල් ෆෝන් ඉස්සෙල්ලම ගෙනාවේ. මුළු උතුරටම හැබැයි ඒවා කරන්න ගිහිල්ලා.එවකට රජය විසින් මම එල්ටීටීඊයට සල්ලි දුන්න කියලා මාව හිරේ දැම්මා.නමුත් ඒවායින් මම පසුබට වුණේ නෑ. මම කරන්න තියෙන දේ දිගටම කරගෙන ආවා. ඒ දවස්වල කවුරුත් හිතුවේ නෑ.මම පොලිසිය භාර ඇමතිවෙයි කියලා.

ඉතින් අපි මේ පළාත්වල ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනන හින්ද තමයි.දැන් එකක් තමයි පොලිස්පතිතුමා තේරුම් කරලා දුන්න වගේ අපි අද ඉඳන් මේ එකසිය හත කියලා hotline එක පටන් ගත්තේ ඒක අපි වවුනියාවේ පිහිටෙව්වට රටේ ඕනෑම පුරවැසියෙකුට දෙමළ බසින් පැමිණිල්ලක් කරන්න ඕන නම් කොළඹින් උනත් යාපනයෙන් වුණත් මඩකලපුවෙන් උනත් එකසිය හත ඩයල් කරහම දෙමළ භාෂාවෙන් පැමිණිල්ල කරන්න පුළුවන් අපි මෙවැනි දේවල් කරමින් මේ පළාත්වලට එන්නේ ඔබ සියලු දෙනාට උදව් කරන්න.කිසි ප්‍රශ්නයක් නැතුව ඒ පළාත්වල ජීවත් වෙන්න පුළුවන් වෙන්න.

අපි අපේ කාලය නාස්ති කරගෙන මේ ඇවිල්ලා මේ රැස්වීම් තියලා ඔබ සියලු දෙනාටම මේ සියලු දේවල් කියා දෙන්නේ ඒවා තේරුම් අරගෙන ඔබ සියලු දෙනා අප සමග එකතු වෙන්න කියලා පණිවිඩය දෙන්න.

දැන් අපි මේ මෙහෙයුම පටන් ගත්තම හොඳ දේවල් රටේ වෙලා තියෙනවා. ජාති ආගම් බේදයකින් තොරව මහජනතාව මේ මෙහෙයුම වටා රොක් වෙලා තියෙනවා.ඒ වගේම ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් එක පවුලක් හැටියට වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. ඒකට අපි ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.

මම අවසාන වශයෙන් කියන්නේ අපි මේ මෙහෙයුම නවත්තන්නෙ නෑ මේ රටින් කුඩු සහ පාතාලය තුරන් කරන තෙක් අපි මේ මෙහෙයුම දිගින් දිගට කරනවා.දැඩි තීරණ ගන්ඩ තියෙන තැන්වල දැඩි තීරණ ගන්නවා. ඒක හින්ද තමයි මම විටින් විට මේ කුඩු ජාවාරමේ ඉන්න අයටයි පාතාලේ ඉන්න අයටයි කියන්නේ, කරුණාකරලා මේක නවත්තන්න නැවැත්තුවේ නැත්නම් විපාක විඳින්න වෙයි.කියන පණිවිඩය මම දිගටම දෙන්නේ ඒකයි.

ඒක හින්දා අපි මේ මෙහෙයුම දිගටම කරනවා ඔබ සියලු දෙනාම දිගටම අපි එක්ක එකතුවෙලා අපි පොලිසියේ අයව දිරිමත් කරලා තම තමන්ගේ ප්‍රදේශ බේරගෙන තමන්ගේ පවුල් බේරගෙන තමන්ගේ දූ දරුවන් බේරගෙන ජීවත් වෙන්න කියලා මම ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා.

 
 
 
 


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT