ජනතා ඡන්දයෙන් සමගි ජන සන්ධානය ලබන 21දා ජයග්‍රහණය කරවන විට ජනතාව ජයග්‍රහණය කරවීමේ වගකීම තමා ඇතුළු තම කණ්ඩායම භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් නාච්චදූවේ දී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක ප්‍රේමදාස මහතා මෙසේද කීය.
නාච්චදූව කොට්ඨාසයේ ගොවිතැන්වල නියැලෙන විශාල ජන කොට්ඨාසයක් ඉන්නවා. ගොවිතැන් කරන ජනතාවට ප්‍රමිතියෙන් ඉහළ පොහොර කිලෝ 50 මිටිය රුපියල් 5000ට ලබාදෙනවා. තෙල් පොහොර සාධාරණ මිලකට ලබාදෙන්න කටයුතු කරනවා.
පොහොර ලබාදීමේදී සර්ව සාධාරණව, දුෂණයෙන් වංචාවෙන් තොරව ගොවීන්ට ලබාදෙන්න කටයුතු කරනවා. ඒ අනුව ගොවීන්ගේ වගා ණය කපාහරින්න කටයුතු කරනවා. ඒ වගේම කිව්ආර් ක්‍රමවේදය යටතේ ගොවි ජනතාවට, ධීවර ජනතාවට, ත්‍රිරෝද රථ රියැදුරන්ට, පාසල් ප්‍රවාහන රථවලට, ශක්ති වී මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්න කටයුතු කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව අපිත් සමග සිටියා. නිවැරදි තැන හිට ගත්තා. නාච්චාදූවේ ගම්මාන 132 ජනතාව එක මිටට සමගි ජන සන්ධානය ජයග්‍රහණය කරවන්න අපි ජනතාව ජයග්‍රහණය කරවීමේ වගකීම භාර ගන්නවා.
ගෝඨාභය රාජපක්ෂ රජය භුමදානය ආදාහනය ප්‍රශ්නය ඉදිරිපත් වන විට මුස්ලිම් ජනතාවගේ ඡන්දයෙන් පත්වුණ මහජන නියෝජිතයන්ට ආගම සංස්කෘතිය තම ජනතාවගේ සිරිත් විරිත් සියල්ල අමතක වුණා. පෞද්ගලික වරදාන වරප්‍රසාදවලට තමන්ගේ ආගම දහම පාවා දෙන්න ඔවුන් කටයුතු කළා.
ආදාහනය භූමදානය ප්‍රශ්නයේදී මහ පාරට බැහැලා ඉස්ලාමීය ජනතාවගේ ආගමික සංස්කෘතික අයිතින් වෙනුවෙන් හඬ නගපු එකම පක්ෂය සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය පමණයි. ඒ ගැන කතාකරන්න අනෙකුත් පක්ෂ සියල්ල බය වුණා. අනිත් පක්ෂ හැංගුණා. ගෝඨාභය රාජපක්ෂගේ ආගම් වාදය, ජාති වාදය ප්‍රචලිත වෙලයි තිබුණේ. නමුත් රට බංකොළොත් වුණාට පස්සේ ජාති ආගම් භේදයකින් තොරව රටම විනාශ මුඛය කරා ගමන් කරා ගමන් කළා. රටේ සෑම ජන කොට්ඨාසයකම ජන ජීවිත අද වනවිට කඩාගෙන වැටී තිබෙනවා. සියලුම ජනතාව දැඩි කම්පනයකින් සිටින්නේ. ජනතාවගේ දුඛ කඳුළ වේදනාව ඉවත් කොට සෞභාග්‍ය සම්පන්න ජන ජීවිතයක් ජනතාවට උදා කිරීමේ වගකීම අපි භාර ගන්නවා. නමුත් සැප්තැම්බර් 21 වැනිදා නිර්මාණය වන සමගි ජන සන්ධාන ආණ්ඩුවක් තුළින් පක්ෂ මාරු කරන දේශපාලන ක්‍රමය අපි තහනම් කරන්න කටයුතු කරනවා. දැනට තිබෙන නීති රීති තවදුරටත් ශක්තිමත් කරන්න කටයුතු කරනවා. අපි කිසිම මන්ත්‍රීවරයෙක් පෞද්ගලික වරදාන වරප්‍රසාද කොන්දේසි මත සමගි ජන සන්ධානයට සම්බන්ධ කරගන්නේ නෑ. අපි කරන්නෙත් නෑ කරලත් නෑ. අපි සමග මන්ත්‍රීවරු ඇතුළු පිරිස් සම්බන්ධ වෙන්නේ ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන. ගම් හදා නගර හදා රට හැදීම තමයි සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය. ඉඩමක් නිවසක් නොමැති ජනතාවට ඉඩම් නිවාස ලබාගැනීමේ ක්‍රමවේද සහ අලුත් ගම්උදා වැසටහන් ක්‍රම ක්‍රියාත්මක කිරීම තමයි සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය.
මේ රටේ ග්‍රාමීය නාගරික, උඩරට වතු ක්‍ෂේත්‍රය, පහතරට වතු ක්‍ෂේත්‍රය, ධීවර ක්‍ෂේත්‍රය, මධ්‍ය පාන්තික, නගරබද ප්‍රදේශ, මෙවැනි කොටස් එකට එකතු කරල ජාතික නිවාස ප්‍රතිපත්තියක් අපි සම්පාදනය කරනවා. රටේ සෑම පුරවැසියෙකුටම තමන්ගේම කියලා ජීවත්වීමට හැකි නිවසක අයිතිය සමගිජන සන්ධාන රජයක් තුළින් ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම අපි දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ජනසවියේ, සමෘද්ධියේ, අස්වැසුමේ හොඳ ගුණාංග එකතු කරලා අඩු පාඩු ඉවත් කරලා දුගී දුප්පත්භාවය තුරන් කිරීමේ නව වැඩසටහනක් දියත් කරනවා. දුප්පත් ජනතාව සදාකාලික පිං පඩි ලබන කොට්ඨාසයක් වෙන්න කැමැති නෑ. එම නිසා දුප්පත්භාවයෙන් පෙළෙන ජනතාවය දුප්පත්භාවයෙන් මිදීමට පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන අලුත් දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරනවා. සෑම දුප්පත් පවුලකට මාසයකට රුපියල් 20,000 ක ප්‍රතිපාදනයක් ලබාදෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
අනුරාධපුර සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අපේ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර සංවර්ධනයෙන් බැබළෙන දිස්ත්‍රික්කයක් බවට අනුරාධපුර දිස්ත්‍රික්කය පත් කරනවා. ඒ වගේම ජනතාවගේ වර්තමානයත් අනාගයත් සෞභාග්‍ය සම්පන්න කරන්න අපි අනිවාර්යෙන් කටයුතු කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්හදා නගරහදා ජනතාව ශක්තිමත් කරමින් ජීවනෝපායන් ශක්තිමත් කරමින් රට හදන යුගයට අපි සමග එකතුවෙන ලෙස ඉල්ලා සිටිනවා.
එහිදී අදහස් දැක්වූ චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය :
මේ රටේ ලබන 21 වැනිදා නියත වශයෙන්ම ජනාධිපති ධුරයට පත් වෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයග්‍රහණය සනාථ වෙනවා පැමිණ සිටින ජන ගංගාව දෙස බලන විට සමගි ජනබලවේග කියන්නේ සියලු ආගම් සියලු ජාතීන් සමස්ත ලාංකික ජනතාව කිසිම භේදයකින් තොරව ගරු කරන පක්ෂයක්. ශ්‍රී ලාංකික ජනතාව තේරුම් අරගෙන තියෙනවා අපේ බංකොළොත් වුන රට යළි ගොඩ ගන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා බව. ඒ නිසා සමගි ජනබලවේගය වටා ඉතිහාසයේ දැවැන්තම සන්ධානයක් ගොඩ නැගිලා තියෙනවා.
එහිදී අදහස් දැක්වූ රෝහණ බණ්ඩාර මහතා-
එක්සත් ජාතික පක්ෂය විදිහට අපි මැතිවරණ කරන කොට බොහොම අපහසුවෙන් කටයුතු කළේ. සිංහල ගම්මානවල කවුන්ටින් සෙන්ටර්වල ඡන්ද පෙට්ටි හලන කොට හංසයෝ අලියෝ වැටෙන්නේ බොහොම අඩුවෙන්. අපිට ඔක්සිජන් ටිකක් ගන්න පුලුවන් වෙන්නේ හුස්ම ටිකක් හරි ගන්න පුළුවන් වෙන්නේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද පෙට්ටියක් හලන කොට තමයි. ඒක අපිට ලොකු ශක්තියක් වුණා. පසුගිය කාලයේ ඔබතුමාලා වෙනත් ජාතියක් විදිහට වෙන් කරන්නකටයුතු කළා. ජාති වාදය වපුරලා මේ මුස්ලිම් ජනතාව පැත්තකට දාන්න කටයුතු කළා. ඒ වකවානුවේ අපි පක්ෂය ඔබතුමන්ලා ආරක්ෂා කරන්න කටයුතු කළා. ඒ වගේම ඔබතුමාලගේ ශක්තියෙන් ජනතා නියෝජිතයෝ හැටියට පාර්ලිමේන්තු ගිය අය ඔබතුමන්ලා වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ඒ අයට අවශ්‍ය වෙලා තිබුණේ තමන්ගේ මඩිය තර කර ගන්න. මුස්ලිම් ජාතිකයන් හැටියට ඔබලාගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආදාහනය කරන්න ඉස්ලාම් දහම අනුව සිදු නොවිය යුතු දෙයක් හැටියට සැලකුවේ. නමුත් ඝෝඨාභය රාජපක්ෂ මුස්ලිම් ප්‍රජාවගේ අවසන් කටයුතු ආදාහණය කිරීමට නියෝග ලබා දුන්නා. එයට ඔබ විසින් පාර්ලිමේන්තුවට පත් කර යැවූ මුස්ලිම් මහජන නියෝජිතයින් ආගමට ගරු නොකර මුදලට කෑදරව 20 වැනි සංශෝධනයට අත ඉස්සුවා.