Local

රුපියල් 109ට වඩා වියදම් කලොත් දින්නත් ජනාධිපතිකම අහෝසියි.. ප‍්‍රජා අයිතියත් අහෝසියි..

Tuesday, 03 September 2024 - 12:09 pm

එක් ඡන්දදායකයකු වෙනුවෙන් අපේක්ෂකය කුට වැය කළ හැකි මුදල රුපියල් 109 ක් බවත් ඊට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව අධි- කරණයෙන් ඔප්පු කිරීමට සමත් වුවහොත් අදාළ අපේක්ෂකයා ලබා ගත් ධූරය අහිමි වී වසර තුනක කාලයක් ප්‍රජා අයිතිය ද අහෝසි වන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභා පති සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වූ අවස්ථාවේ වියදම් විස්තරය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්

මෙම මැතිවරණ වියදම් සහිත නීතිය මීට පෙර පැවැති බවත් මෙය 2023 අංක 03 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කොට ඇති බවද පෙන්වා දුන් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ 1947 වසරේ සිට වත්කම් බැරකම් ප්‍රකාශ මෙන්ම මැතිවරණයකදීම වියදම් කළ යුතු මුදල පිළිබඳ වාර්තාවක් මැතිවරණය අවසන් වී දින තිස් එකක් ඇතුළත ලබාදිය යුතු බවයි.

එසේම එය ලබා නොදී සිටීම මෙන්ම වැරදි තොරතුරු ලබාදීම යන්න දෙකම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එහිදී ධූරය සහ ප්‍රජා අයිතිය අහිමි වූ අවස්ථා ඉතිහාසයේ පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙවර නව පනත මඟින් නීතියක් බවට පත්ව ඇත්තේ මැතිවරණය අවසන් වී දින විසි එකක් ඇතුළත අපේක්ෂකයන් තම ආදායම් වියදම් විස්තරය මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතු බව පෙන්වා දුන්නේය.

එසේ ලබාදෙන වියදම් විස්තරය කොමිෂන් සභාව මඟින් මහජන ප්‍රදර්ශනය සඳහා පුවත්පත් දැන්වීම් වල සහ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරන බවද පෙන්වා දුන්නේය. ඒ අනුව වියදම් විස්තර පරස්පර හෝ වැරදි තොරතුරු ලබා දී ඇත්නම් ජනතා වට ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධව ශ්‍රී ලංකා පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට අධිකරණ ක්‍රියාමාර්ගයකට යාමට නීතියෙන් අවසර ඇති බවද රත්නායක මහතා පෙන්වා දුන්නේය.


Top Stories
wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

wedivistara

පානදුරේ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වෙයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

ජාත්‍යන්තර කම්කරු සමුළුවට ඇමැති මහින්ද ජිනීවා යයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT