Local

ගොවි ජනතාව – රට විරුවන් ඩොලරය බස්සන්න වැඩියෙන් කැපවුණා – ඇමැති මහින්ද අමරවීර

Monday, 04 March 2024 - 7:49 am

ඩොලරයේ අගය පහළ දැමීම සඳහා වැඩිම කැපවීම කළේ මේ රටේ ‌ගොවි ජනතාව හා රට විරුවන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.

එමෙන්ම 2023 වර්ෂයේදී මෙන්ම 2024 වර්ෂයේද අප රටේ ජනතාව පාරිභෝජනය කරනු ලබන්නේ දේශීය සහල් මිස ආනයනික සහල් නොවන බවත් එම ගරුත්වය හා ආඩම්බරය මේ රටේ ගොවි ජනතාවට හිමිවිය යුතු බව ද ඇමැතිවරාය කීය.

(02) හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී Agri Tech –24 – කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය විවෘත කරමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය. එම අවස්ථාවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාව සඳහා හඳුන්වා දීමයි. වී වගාව ඇතුළු අතිරේක භෝග වගාව, එළවළු හා පලතුරු වගා කිරීම, පශු සම්පත් සංවර්ධනය, අපනයනය ඉලක්ක කර ගත් වගාවන් මෙන්ම නව තාක්ෂණය වගා කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳ මෙහිදී ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබේ.

රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද නියෝජනය වන පරිදි කුටි 150කින් සමන්විත වන මෙම ප්‍රදර්ශනය ලබන 05 වැනිදා දක්වා පෙරවරු 08 සිට පස්වරු 07 දක්වා පැවැත්වේ. එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කළේ රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය පසුගිය කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගිය බවයි. මේ වන විට ඩොලරයේ අගය යම් මට්ටමකට පහළ වැටී ඇති අතර, ඉහළ ගිය ඩොලරයේ අගය පහළට ගෙන ඒම සඳහා වැඩිම කැපවීම කළ මේ රටේ ගොවි ජනතාව හා රටවිරුවන් අගය කළ යුතු බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසීය.

පසුගිය 2022 වර්ෂයේ මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ආනයනය කළ අතර, ඒ සඳහා ඩොලර් මිලියන 300ක් වැය කිරීමට රජයට සිදු වූ නමුත් 2023 වර්ෂයේදී සහල් ඇටයක් හෝ ආනයනය නොකළ අතර, 2023 හා 24 වර්ෂ දෙක තුළ මෙරට ‌ගොවි ජනතාව ඩොලර් මිලියන 600කට අධික මුදලක් රටට ඉතිරි කර දී ඇති බව ද අමරවීර මහතා මෙහිදී කීය. එමෙන්ම 2023 වර්ෂයේදී මෙන්ම 2024 වර්ෂයේ ද මේ රටේ ජනතාව පාරිභෝජනය කරනු ලබන්නේ දේශීය සහල් මිස ආනයනික සහල් නොවන බවත් එම ගරුත්වය හා ආඩම්බරය මේ රටේ ගොවි ජනතාවට හිමිවිය යුතු බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම ඇතැම් ගොවි නියෝජිතයන් යැයි කියා ගන්නා දේශපාලනික කණ්ඩායම්වල නියෝජිතයන් මේ ‌ගොවි ජනතාව මෙන්ම කෘෂිකර්මාන්තය අඩාළ කිරීමේ උත්සාහයක නිරතව සිටින බවත් නමුත් ගොවි ජනතාව එම උගුල්වලට හසු නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලව කලාපයෙන් වාර්තා වී තිබෙන අතර, ශ්‍රී ලංකාවේ පළමු වරට හෙක්ටයාර එකකින් වී කිලෝග්‍රෑම් 12,000ක් බැගින් අස්වනු ලබා ගැනීමට ගොවීන්ට හැකි වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT