Local

බඩඉරිඟු වගා කරන්න සියලු පොහොර නොමිලයේ දෙයි

Saturday, 11 November 2023 - 2:51 pm

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේ දී ආරම්භ කර තිබේ.

ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර යන දිස්ත්‍රික්ක පහ තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ඊට දායකත්වය සපයන ගොවීන් ප්‍රමාණය 23,000කි.

බඩඉරිඟු වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8000ක් බෙදා හැරීම ඊයේ (10) හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව දී ආරම්භ වූ අතර එම පොහොර බෙදාහැරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සදහා යුරියා පොහොර නොමිලයේ ලබා දීමට අමතරව ඒ සඳහා අවශ්‍ය TSP (මඬ පොහොර ) සහ MOP (බණ්ඩි පොහොර ) නොමිලයේ මෙම ගොවීන්ට ලබා දීමටත්, බිම් සැකසීම සඳහා අවශ්‍ය මුලික වියදම් සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන ද අයකර ගැනීමකින් තොරව ලබා දීමටත් තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම වැඩ පිළවෙළ සඳහා ලෝක බැංකුවේ IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල මගින් ණය ආධාරයක් ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.

බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැඩිම අක්කර ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කෙරේ. එම ප්‍රමාණය අක්කර 20,000කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කෙරෙන අක්කර ප්‍රමාණය 5000ක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


Top Stories
wedivistara

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කියනකල් ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නෙ - නලින්ද ජයතිස්ස

wedivistara

ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා කුඹුරු අක්කර 3,000 ක් ජලයෙන් යටවෙයි

wedivistara

රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

Trending
wedivistara

UNP හා සමගි ජන බලවේගය එක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ යෝජනාවට SJB අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 20% කින් පහතට

wedivistara

එජාප - සජබ සහ සෙසු පක්ෂ එකතුවෙන් එක්සත් ජාතික පෙරමුණක්

wedivistara

තෑගි මුදල් ලබාදෙන බවට සඳහන් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම්දීමක්

wedivistara

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුක​ළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉවත​ට

wedivistara

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රජයෙන් සහන පැකේජයක්


NEWS ALERT