Local

වතු ජනතාවට ඉඩම් හිමිකම ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය

Tuesday, 02 April 2024 - 4:07 pm

වතු ජනතාවට ඉඩම් හිමිකම ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

වතු ප්‍රජාව සඳහා සින්නක්කර ඉඩම් ලබාදීම පිණිස විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා 2024 අයවැය යෝජනා මගින් වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම යන මැයෙන් යෝජනාවක් මුදල් ආර්ථික ස්ථායීකරණ  හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහාය ඇතිව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ සහ වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම වැඩසටහන යටතේ ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය සතු වැවිලි සමාගම් වලට අයත් වතුවල ජීවත්වන ප්‍රතිලාභීන් 4151ක් හඳුනා ගනු ලැබ ඇති අතර එම පවුල් දැනට පදිංචිව සිටින ඉඩම් සඳහා කඩිනමින් සින්නක්කර ඔප්පු ලබාදීම පිණිස ජනාධිපතිවරයා සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT