Local

පළාත් පාලන ආයතන සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා - අග්‍රාමාත්‍ය

Thursday, 16 November 2023 - 4:27 pm

පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, අවශ්‍ය පියවර ගැනීම සඳහා භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ අනුව පියවර ගන්නා බවත්, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අද (16 දින) මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඔහු විමසුවේ, අවුරුදු 8ක් තිස්සේ මෙසේ වැඩකරන සුළු සේවකයන් 13,000ක් පමණ සිටින බවත්, ඔවුන්ට දැනට ඒ අදාළ පළාත් පාලන ආයතන මගින් වැටුප් ගෙවන බවත්, එමනිසා මෙම සේවකයන් ස්ථිර කිරීමේදී ආණ්ඩුවට මුදලක් වැය නොවන බවත් ය.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

'මීට පෙරද මෙම ප්‍රශ්නයට පිළිතුරු දී තිබෙනවා. දැනට මේ ගැන සොයාබලා භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටිනවා මෙම පිරිස ස්ථිර කිරීමට. මොකද එම පළාත් පාලන ආයතනවලට දැරීමට හැකි සහ නොහැකි ස්ථාන තිබෙනවා. එමනිසා මෙම ප්‍රශ්නය නිරවුල් කිරීමට, ප්‍රතිපත්තිමය තීරණයක් දැනටමත් ගෙන තිබෙනවා. අවශ්‍ය අනෙකුත් පියවර ගන්නවා'


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT