Business

LOLC දිවිසවියෙන් පාසල් 3,500කට ආධාර -ආවරණය සමස්ත පාසල්වලින් 35% ඉක්මවයි

Thursday, 01 August 2024 - 9:25 am

LOLC දිවිසවිය මානුෂීය ප්‍රයත්නය තිරසර ලෙස දිවයිනේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් 35% වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින්, පාසල් 3500කට සහාය දක්වා කැපීපෙනෙන සන්ධිස්ථානයක් කරා ළඟා වී තිබේ. 2023 වසරේ පෙබරවාරි මාසයේ දියත් කරන ලද මෙම වැඩසටහන ක්‍රමානුකූලව සහ අඛණ්ඩව ජාතියේ යොවුන් පරපුර වෙත ප්‍රවේශ වී ඔවුන්ගේ මනස සුපෝෂිත කර ඇත. ව්‍යාපෘතියේ තුන්වැනි අදියර ක්‍රියාත්මක ‍ෙවද්දී LOLC දිවිසවිය සිසුන් 100ත් 150ත් අතර ප්‍රමාණයක් සිටින පාසල් වෙත විශේෂ අවධානය යොමු කරනු ලැබීය. මෙම ක්‍රමෝපාය වැඩසටහනේ අරමුණ වන්නේ ඉතා අඩු වරප්‍රසාද සහිත පාසල්වලට පවා අත්‍යවශ්‍ය අධ්‍යාපන සම්පත් සඳහා ප්‍රවේශය සහතික කිරීමයි.

අත්‍යවශ්‍ය පාසල් පොත් සහ උපකරණ සිය දරුවන්ට ලබාදීමේදී මවුපියන් මුහුණදෙන අභියෝග සිහිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (පාසල් කටයුතු) නීලමනී මලවිආරච්චි මහත්මිය මෙම වැඩසටහන ඇගැයීමට ලක්කරනු ලැබීය.

“අපි අමාත්‍යාංශය හරහා සිසුන්ට පාසල් නිල ඇඳුම්, විෂය නිර්දේශ, ගුරුවරුන් සහ පෙළපොත් ලබා දුන්නද පාසල් අභ්‍යාස පොත් සහ අනෙකුත් උපකරණ ලබාදීම සඳහා මවුපිය සහාය අපේක්ෂා කරන්නෙමු. එහෙත් වර්තමාන ආර්ථික අභියෝග හමුවේ මේ ද්‍රව්‍ය සඳහා දැරීමක් සිදුකළ නොහැකි මවුපියන් මෙරටේ සිටී. පවුල්වල දරුවන් කීපදෙනෙකු සිටින මධ්‍යම පාන්තික මවුපියන්ට පවා අද ඒ දේවල් සඳහා දුෂ්කරතාවක් පවතිනවා. මේ අවස්ථාවේ LOLC හි මැදිහත්වීම ප්‍රශංසනීය වන අතර, මෙම මවුපියන්ට LOLC පිළිසරණක් බවට පත්ව ඇත. LOLC මේ සිසුන්ට සම්පූර්ණ පාසල් පැකේජයක් ලබා දෙන අතර, එමඟින් සෑම දරුවෙකුටම පන්ති කාමරය තුළ තමන්ට කිසිදු අසමානකමකින් තොරව ඉගෙනීම සඳහා සම වරප්‍රසාදයක් පවතින බව හැඟෙනු ඇත. වඩාත් වැදගත් වන්නේ සෑම සිසුවෙකුටම එක සමාන ඉහළ ප්‍රමිතියේ පොත් කට්ටලයක්, පැස්ටල්, බෑග්, පාසල් උපකරණ පෙට්ටි ආදිය ලබාදීමයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT