Local

ආඝාත රෝගීන්ගේ වැඩිවීමක්

Thursday, 24 October 2024 - 9:25 am

වර්තාමානය වන විට ආඝාත රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා සඳහන් කළේ, මේ වන විට සෑම පුද්ගලයින් සිව්දෙනෙකුගෙන්ම එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාතය වැළදීමේ ප්‍රවණතාවක් පවතින බවය. 

ලබන 29 වන දිනට යෙදී ඇති ලෝක ආඝාත දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා මෙම අදහස් පළ කළේය.

'සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම තමන්ගේ ජීවිත කාලය තුළ, ආඝාතය වැලඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ආඝාතය කියන්නේ දරුණු රෝගී තත්ත්වයක්. එම රෝගයේ කිසිම දැනුම්දීමක් නෑ. හොඳට ඉඳලා ඊළඟ මොහොතේ එක පාරට එනවා. මට රෝගීන් කියනවා, බයිසිකලය පැදගෙන ගියා එක පාරටම බැලන්ස් එක නැතිවුණා කකුල තියාගන්න උත්සාහ කරද්දි එහෙමම වැටුණා කියනවා. නැගිටින්නත් බෑ ඊට පස්සේ හොස්පිටල් එකට ගෙනාවා කියනවා. කිසිම දැනුම්දීමක් නෑ. හොඳට ඉඳලා ඊළඟ මොහොතේ එනවා. ආඝාතන තමා ලෝකයේ බොහෝ රටවල තුන්වන සහ පස්වෙන ස්ථාන අතර පවතින මියයෑමේ ප්‍රධාන හේතු අතර ආඝාතය සෑදුණු රෝගීන්ගෙන් 90%ක් දෙනෙකුගෙන් වළක්වාගත හැකිව තිබූ කාරණා 10ක් තියෙනවා. ආඝාතය ගැන දැනුවත් නම් එය වැලඳීමේ හැකියාව අඩුයි.'

ආඝාත රෝගය වැළදීමට බලපාන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ද එම මාධ්‍ය හමුවේදී ස්නායූ රෝග විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය මෙසේ පැහැදිලි කළාය.

'ප්‍රධාන වශයෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව, ව්‍යායාම අඩු බව, දුම් පානය, අධික මත්පැන් භාවිතය, ක්ලොස්ට්‍රෝල් මට්ටම වැඩි බව, මානසික ආතතිය, තරබාරුකම සහ හෘද රෝගයේ ස්පන්දන වෙනස්කම් දක්වා තිබේ. ආඝාතයට 50%ක් වගේ බලපාන්නේ අධි රුධිර පීඩනය. සෑම ආඝාත රෝගීන් 5 දෙනෙක් ගත්තහම එක් අයෙකුට දියවැඩියවා තියෙනවා. ලෝකයේ ආඝාතයෙන් වසරකට ඇති වෙන ආඝාත තත්ත්වයනේ මිලියනකට පමණ හේතුවෙන්නේ ව්‍යායාම මද බව. නිතිපතා ව්‍යායාමවල යෙදෙනවා නම් ආඝාතයට තුඩු දෙන කරුණු අඩු කරගන්න පුළුවන්.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT