Local

ජනාධිපතිවරණයට ඇප තියන්න නුසුදුස්සන් එනවා..- මැතිවරණ කොමිසම

Monday, 05 August 2024 - 1:21 am

නියමිත සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන් ද ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ තත්වයක් නිර්මාණය වී ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

පසුගිය දින කිහිපයේ එවැනි පුද්ගලයන් කිහිප දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාවට ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණ තිබේ.

මාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබා ගැනීම එහි අරමුණ වී තිබේ.

මාධ්‍ය ද ඒවා අනවශ්‍ය පරිදි ප්‍රචාරය කරන බව පැවසීය.

විවිධ හේතු මත එලෙස අනවශ්‍ය පරිදි මැතිවරණය සඳහා ඉදිරිපත් වීමෙන් වලකින ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඒ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කර සිටියේ දේශපාලනය පිළිබඳව කිසියම් හෝ දර්ශනයක් නොමැතිව ඉදිරිපත් වීම හරහා මැතිවරණය සඳහා වැයවන මුදල ඉහළ යා හැකි බවයි.

එමගින් බිද වැටී ඇති ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ලවිය හැකි බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT