Local

අවු­රුදු පහට අඩු දරු­වන් සිටින අම්ම­ලාට රට රැකි­යා­ව­ලට යන්න නොහැකි වන විදි­යට නීති හද­නවා

Saturday, 13 January 2024 - 5:24 am

අවුරුදු පහකට අඩු දරුවන් සිටින කාන්තාවන්ට විදෙස් රැකියා සඳහා යෑමට නොහැකි වන සේ නීති සකස් කිරීමට බලාපොරොත්තු වන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

දැනට එම වයස් සීමාව වනුයේ අවුරුදු දෙකක් වන අතර, අවුරුදු 05ට අඩු දරුවන් සිටින මවුවරුන් කොපමණ ප්‍රමාණයක් මේ වන විට විදේශගත වී ඇත්’දැයි සොයා බැලීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දත්ත රැස් කිරීමට ද පියවර ගෙන තිබෙන බවත් රාජ්‍ය ඇමැතිනිය සඳහන් කළාය. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද පැවසුවාය.

120,000ක් වන පෙර පාසල් දරුවන්ට පූර්ණ ආහාර වේලක් උදෑසනට ලබාදීම අපට තිබුණු විශාල අභියෝගයක්. දැනට එම දරුවන් සඳහා වෙන්ව ඇති රුපියල් 60ක මුදල රුපියල් 100ක් දක්වා වැඩි කර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලංකාවේ ළමයින්ගෙන් විශාල ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙළෙන බැවින් ප්‍රෝටීන් සහිත පෝෂණීය ආහාර වේලක් ලබාදීමට අප සැලසුම් කරනවා.

ඒ අනුව දිවයිනේ සියලු පෙර පාසල් දරුවන්ට උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබාදීමට මේ වසරේදී කටයුතු කරනවා. එම වැඩසටහන දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනවා. වතු නොවන පෙර පාසල් දරුවන් 120,000 ක් පමණ සිටිනවා. එමෙන්ම වතු පෙර පාසල් දරුවන් 35,000ක් සිටිනවා. ඒ අනුව මුළු ප්‍රතිලාභින් සංඛ්‍යාව 155,000ක් වනවා.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි පෙර පාසල් ගුරුවරියන් 18,333ක් සිටිනවා. ඔවුන් සඳහා වැටුපක් ලබාදිය යුතුයි. පෙර පාසල් ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පෙර පාසල් ගුරුවරියන්ගේ සේවය ඇගැයීම වෙනුවෙන් මාසිකව රු 2500ක දීමනාවක් දැනට ලබා දෙනවා. එම මුදල ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බැවින් එම මුදල් තවදුරටත් වැඩි කළ යුතුව තිබෙනවා.

ඒ වගේම අප අමාත්‍යාංශය විසින් ළමා හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නව පනත් 03ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට සැලසුම් කර තිබෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT