Local

ජනාධිපති අවබෝධයෙන් බොරු කියලා තියෙනවා.. ඒවායින් අපට හානි වුනා..

Tuesday, 22 October 2024 - 7:28 pm

ජනාධිපති අනුර දිසානායක මහතා අවබෝධයකින් යුතුව බොරු කියූ අවස්ථා ඇතැයි ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් එසේ අවබෝධයකින් කියන ලද බොරුවලින් තම පාර්ශවයට විශාල පහරක් වැදුණු බවත් හානියක් වූ බවත් ඔහු පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ වැලිකන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

”අපි විශ්වාස කරනවා අනුර කුමාර දිසානායක මහතා දේශපාලන වේදිකාවල ජනතාවට ලබාදුන් පොරොන්දු ඒ අයුරුම ඉටුකරයි කියලා. යම් අවස්ථාවල එතුමා ඒ පොරොන්දුවලින් බැහැරව ගිහිල්ලා තියෙනවා.

මුත් අපි තවම බලාගෙන ඉන්නවා ඔහු මේ රටේ ආර්ථික සහ සමාජයීය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා. එතුමා වේදිකාවල කියපු පොරොන්දු අහලා බහුතරයක් ඔහුට ඡන්දය දුන්නා. එතුමාට පළපුරුද්ද අඩුයි. ඒ නිසා වේදිකාවල යම් යම් ප්‍රකාශ කරලා තියෙනවා.

අනුර කුමාර දිසානායක මහතා අවබෝධයකින් බොරු කියපු අවස්ථාත් තියෙනවා. ඒවායින් අපට ලොකු පහරක් වැදුනා හානියක් වුණා. හැබැයි ඉතින් අවබෝධයකින් තමයි බොරු කියල තියෙන්නෙ.

අපි බලමු ඒ මහතා ඉදිරියේදී කුමක් කරයිද කියලා”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT