Sports

පැරිස් ධාවන පථයට ආ කොවිඩ් අවදානම

Friday, 09 August 2024 - 10:49 am

පැරිස් ඔලිම්පික් උලෙළේ බොහෝ දෙනෙක්ගේ වැඩි අවධානයක් දිනූ තවත් තරග ඉසව්වක් වූ පිරිමි මීටර 200 ඉසව්වේ අවසන් තරගය අද (09) අලුයම පැවැත්විණි.

එහිදී බොහෝ දෙනෙකු රන් පදක්කම හිමිකරගනු ඇතැයි බලාපොරොත්තු තබා සිටි, ඇමෙරිකාවේ නෝආ ලයිල්ස්ව අභිබවා යමින් රන් පදක්කම හිමිකර ගනු ලැබුවේ 21 හැවිරිදි බොට්ස්වානා ක්‍රීඩක ලෙට්සිලේ ටෙබෝගෝ විසිනි.

පිරිමි මීටර 200 ඉසව්ව සඳහා වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ වේගවත්ම ධාවකයින් වන ඇමෙරිකාවේ නෝආ ලයිල්ස්, එරියන් නයිට්න්, කෙනත් බෙඩ්නරෙක්, බොට්ස්වානා හි ලෙට්සිලේ ටෙබෝගෝ ඇතුළු ක්‍රීඩකයින් 8 දෙනෙක් මේ සඳහා එක්ව සිටියේය.

ලෙට්සිලේ නව අප්‍රිකානු වාර්තාවක් ද පිහිටුවමින් ඉසව්ව නිම කළ අතර ඒ සඳහා ඔහුට ගතව ඇති කාලය තත්පර 19.46කි.

අප්‍රිකානු කලාපයේ ක්‍රීඩකයෙකු මීටර 200 ඔලිම්පික් රන් පදක්කම හිමි කරගත් පළමු අවස්ථාව මෙය බවත් සඳහන් ය.

මෙම තරගයේ රිදී පදක්කම හිමිකර ගනු ලැබුවේ ඇමෙරිකාවේ කෙනත් බෙඩ්නරෙක් විසිනි.

කෙසේ නමුත් මෙහි බොහෝ දෙනා බලාපොරොත්තු දල්වා සිටි ලොව වේගවත්ම මිනිසා ලෙස පසුගිය දා කිරුළු පැළඳි ඇමෙරිකාවේ නෝආ ලයිල්ස්ට ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමටත් සිදුවිය. 

මේ අතර නෝආ ලයිල්ස් කොවිඩ් ආසාදිතයෙක් බව මීටර 200 ඉසව්වෙන් අනතුරුව ඇමෙරිකානු මලල ක්‍රීඩා සංගමය තහවුරු කර ගෙන තිබේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මීට දින දෙකකට පෙර ලයිල්ස්ට කොවිඩ් ආසාදනය වී ඇතැයි පරීක්ෂණ වලින් තහවුරු වූ නමුත් ලයිල්ස් මීටර 200 ඉසව්වට සහභාගී වීමට තීරණය කළ බවයි.

මීටර 200 ඉසව්වෙන් අනතුරුව නෝආ ලයිල්ස් රෝද පුටුවකින් රැගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතව සිටිය දී ධාවනයේ යෙදීමෙන් අනෙක් ක්‍රීඩකයන්ව ද අවදානමකට ලක්කළ බවට නෝආ ලයිල්ස්ට පාර්ශව රැසක් චෝදනා එල්ල වී තිබේ.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT