Local

රංගිරි දඹුලු නවීනතම LED ආලෝක ධාරා පද්ධතිය ජනපති අතින් අද විවෘත කෙරේ

Monday, 05 February 2024 - 7:28 pm

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර, විවෘත කිරීම  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) පස්වරු 7.00ට සිදු කෙරේ.

 ශ්‍රී ලංකාවේ  ප්‍රථමවරට නවීනතම LED ආලෝක ධාරා පද්ධතියක්ඇතුළු,  ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකය, ජල ප්‍රතිකාර ඒකකය හා ක්‍රීඩක ආබාධ පුනරුත්ථාපනය කිරීමේ නව වෛද්‍ය ඒකකයකිින් ක්‍රීඩාංගනය නවීකරණය කර තිබේ.



ක්‍රීඩා හා යෞවන කටයුතු, ඉඩම්, සහ සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා,  ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න, වැඩබලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද යන මහත්වරු හා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභිකයින් මෙම අවස්ථාවට සහභාගී වනු ඇත.

මෙම විවෘත කිරීමේ උළෙලට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීණ තාක්ෂණය ඔස්සේ පුහුණුවිය හැකි ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරයක්, නව මාධ්‍ය මධ්‍යස්ථානයක් හා ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය වැඩි දියුණු කිරීම උදෙසා මුල්ගල් තැබීමක් ද සිඳු කෙරේ.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිදුවන මෙම දැවැන්ත සංවර්ධන කටයුතු හරහා වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, 19න් පහළ කාන්තා – පිරිමි දෙඅංශයේම ක්‍රිකට් වේගවත් දියුණුවකට මුල පිරේ. එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණය ආශ්‍රිතව පවත්වාගෙන යන දිස්ත්‍රික්, පළාත් සහ ජාතික සුපර් ලීග් (NSL) වැනි සියලුම කණ්ඩායම්වලට අවශ්‍ය පහසුකම් වැඩි දියුණුවීමක් ද මෙමගින් සිදුවනු ඇත.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT