Local

වෙලදපලේ සහල් හිගය කෘතිම එකක්..- රජය

Saturday, 19 October 2024 - 10:07 am

වෙළෙඳපොළේ නාඩු සහල් මිල පාලන මිල ඉක්මවා ඉහළ ගොස් ඇතිබව මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා පැවසීය. නාඩු වී හිඟය ඊට හේතුවී තිබේ.

මේ වනවිට නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 230 ඉක්මවා සිල්ලර වෙළෙඳපොළේ අලෙවි වන බව පැවසීය.

නාඩු සහල් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 220ක් බව පැවසීය.

මේ පිළිබඳව අංශ කිහිපයකින් සොයා බලන බව වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.නයිමුදීන් මහතා පැවසීය.

පසුගිය කන්නයේ හා මෙවර කන්නයේ නාඩු වී අස්වැන්න ප්‍රශස්ත මට්ටමක පැවති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කළ සාකච්ඡාවේදී අනාවරණය වූ බව ලේකම්වරයා පැවසීය.

ඒ අනුව වෙළෙඳපොළේ ඇත්තේ කෘතීම සහල් හිඟයකි.

පවතින තත්ත්වය පිළිබඳ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර විසඳුමකට එළඹෙන බව ලේකම්වරයා පැවසීය.

ඊට සමගාමීව සතොස හරහා නාඩු වී සෘජුව මිලට ගෙන සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT