Local

මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී.. තම සේවය අනවශ්‍ය බව ජනතාව පැවසූ බව කියයි..

Sunday, 17 November 2024 - 9:44 am

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.

දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු බවත්, ඉන් දශක තුනක් තමන් දේශපාලනයේ නිරත වු බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් දේශපාලනයෙන් සමු ගැනිමට තිරණය කල බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ගෑස් සිලින්ඩරයෙන් තමන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කල බවත්, ජන්ද දායකයන් මනාප 20,401 ක් පමණක් ලබා දි තිබු බවත්, තමන් මිට ප්‍රථම පැවති මැතිවරණවලදි ලක්ෂ දෙකකට ආසන්න මානප ප්‍රමාණයක් ලබාගත් නිසා ජනතාවට තමන්ගේ දේශපාලනය අවශ්‍ය නොවන බවට පෙන්නුම් කර ඇති නිසා දේශපාලනයෙන් සමුගන්නා බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

තම දේශපාලන ගමනේදි විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය මගින් තමන්ට දිගින් දිගට මඩ ප්‍රහාර එල්ල කලද, ඒවා ඉවසා දරා ගනිමින් තමන් දේශපාලනයේ රැදි සිටියේ තම ආසනයේ ජන්ද දායකයින් වෙනුවෙන් බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

තම දේශපාලන ගමනේදි තමන්ට නන් අයුරින් උපකාර කල සහ නොකල සියළු දෙනාට සිය ස්තුතිය පුද කරනු ලැබුහ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා අවස්තාවට පාක්ෂිකයන් විශාල පිරිසක්ද සහභාගි විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT