Local

NLB ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාග පිරිනැමීම ජනපති ප්‍රධානත්වයෙන්

Saturday, 17 February 2024 - 1:45 pm

  • ජාතික ලොතරැයි මණ්ඩලයේ 2023 වසරේ ආදායමින් රුපියල් බිලියන 7.1ක් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගවලට අදාළ චෙක්පත් සහ වාහන ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී (16) පැවැත්විණි.

ගොවිසෙත, මෙගා පවර් සහ මෙගා පවර් 60 යන ලොතරැයිවල සුපිරි ත්‍යාග ජයග්‍රාහකයන් වෙත ඊට අදාළ මුදල් ත්‍යාග සහ වාහන ත්‍යාග පිරිනැමීම සහ ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි නියෝජිතයන් වෙත ඇගයීම් සහතික හා ත්‍යාග පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතින් මෙහිදී සිදුවිය.

මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය විසින් අලුතින් හඳුන්වාදෙන “අද සම්පත” නව ලොතරැයි ටිකට් පත එළි දැක්වීම ද සිදු වූ අතර එම ලොතරැයියෙහි පළමු ටිකට්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

තවද ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා සිදු කළ මෙහෙවර අගයමින් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පිරිනමනු ලබන සමරු තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඒ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ 2023 වසරේ ආදායමින් රුපියල් බිලියන 7.1ක දායකත්වයක් රාජ්‍ය ඒකාබද්ධ අරමුදල වෙත පිරිනැමීමද මෙහිදී සිදු වූ අතර ඊට අදාළ වෙක්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබීය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි රුපියල් මිලියනයේ ලොතරැයි ජයග්‍රාහකයන් වෙත ත්‍යාග මුදල් පිරිනැමීම සහ අලෙවි නියෝජිතයන් වෙත ඇගයීම් සහතික හා ත්‍යාග පිරිනැමීම මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය හා ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් අතින් සිදුවිය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන් වන ඩබ්. ඒ. සරත් කුමාර, ආර්. එම්. පී. රත්නායක, ඒ.කේ. සෙනෙවිරත්න, යන මහත්වරුන්, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, නිලධාරීන් ඇතුළු ලොතරැයි ජයග්‍රාහකයන් හා අලෙවි නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT