Local

මාලිමාව පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන ලබාදුන් පොරොන්දුව තවමත් ඉටු නොවීම ගැන කණගාටුයි - කාදිනල් හිමිපාණන්

Friday, 13 June 2025 - 4:44 pm

පාස්කු ‍ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එන කිසිදු නිර්දේශයක් මේ දක්වා ක්‍රියාත්මක කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් කටයුතු කර නොමැති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ අනුව යුක්තිය පසඳලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති කිසිවක් මේ දක්වා ක්‍රියාවට නංවා නොමැති බවයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරන්නේ.

තමා විසින් තමන්ගේ ඕනෑකම මත පවරන ලද නඩු කිහිපයකින්, වින්දිතයින්ට අදාළ වගකිව යුතු පුද්ගලයින්ගෙන් දඩ මුදල් අය කර ගැනීමට හැකිවූවා මිස, මෙතෙක් කලක් මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කිසිවක් සිදු නොකර සිටීම ලැජ්ජා සහගත බව කාදිනල් හිමිපානන් සඳහන් කළා.

එසේම වත්මන් රජය වන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමා වෙත ඉදිරිපත් කරමින්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ගැන ලබාදුන් පොරොන්දුව තවමත් ඉටු නොවීම හා ඒ සඳහා මූලික වැඩපිළිවෙළක් හෝ දියත් නොකිරීම සම්බන්ධයෙන් කණගාටුවන බවයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT