Local

“අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච” (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටතේ,බුද්ධ රශ්මි වෙසක් කලාපය මෙවරත් උත්කර්ෂවත්ව

Monday, 20 May 2024 - 11:13 am

කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරන බුද්ධරශ්මි වෙසක් කලාපය මැයි 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

“අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච” (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටතේ සංවිධානය කර තිබෙන මෙම වෙසක් කලාපය මහා වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, තොවිල් සහ දෙවොල්මඩු, ශාන්තිකර්ම, මල් පෙරහර, සතිමත්භාවය වැඩසටහන, විරිදු ගායනා, විදුලි පහන් අලංකරණය සහ සංස්කෘතිකාංග රැසකින් සමන්විතය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල බත් දන්සල සහ බිස්කට්, තේ පැන් දන්සල මැයි 23,24 සහ 25 යන දිනවල රාත්‍රී 7.00 සිට පැවැත් වේ.

මැයි 23,24 සහ 25 යන දිනවලදී ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී, ෂැංග්‍රිලා හරිත භූමියේ දී සහ ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිත වෙසක් කලාපයේ දී බොදු බැති ගී ප්‍රසංගයක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා පොලීසියේ භක්ති ගීත කණ්ඩායම් විසින් එය ඉදිරිපත් කරනු ලබයි.

බාලදක්ෂ මාවත හා බේරේ වැව ආශ්‍රිත බිම්තීරයේ “චුල්ල ධර්මපාල” ජාතකය නිරූපණය කරන වෙසක් තොරණ සහ දර්ශනීය පහන්කූඩු මැයි 23,24 සහ 25 යන තෙදින ප්‍රදර්ශනය කෙරෙන අතර මැයි 23 වනදා ප.ව 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් එය විවෘත කිරීමට නියමිතය.

ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිතව ඉදිවන “මඝ මානවක” ජාතකය නිරූපණය කරන වෙසක් තොරණ මැයි 23,24,25 සහ 26 දිනයන්හිදී ප්‍රදර්ශනය කෙරේ.

පාසල් දරුවන්, විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර පාසල්, තාක්ෂණ විද්‍යාල නියෝජනය කරමින් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන “සතිමත් භාවය” පිළිබඳ වැඩසටහන  (20) පෙ.ව 7.30ට කොළඹ, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT