Local

ඊෂි කෑෂ් ක්‍රමයට මත්කුඩු විකුණූ හිටපු යුද හමුදා සෙබළෙකු අත් අඩංගුවට

Tuesday, 16 January 2024 - 10:31 am

ජංගම දුරකථන භාවිතා කරමින් ඊෂි කෑෂ් ක්‍රමයට මහා පරිමාණ ලෙස හෙරොයින් මත්කුඩු විකිණීමේ ජාවාරමක නිරත වූ බව කියන ශ්‍රී ලංකා යුද හමුදාවේ නව වෙනි කාලතුවක්කු රෙජිමේන්තුවේ විශ්‍රාමික සෙබළෙකු අනුරාධපුර නව නුවර පාරේ තම්මැන්නාපුර ප්‍රදේශයේදී  හෙරොයින් මත්කුඩු ග්‍රෑම් විසි දෙකයි මිලි ග්‍රෑම් නවසිය පනහක් සමග අනුරාධපුර පොලීසියේ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ  (15) සවස අත් අඩංගුවට ගෙන ඇත.

මේ අතර ඊෂි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදාහැරීමට සැකකරු විසින් භාවිතා කළ ස්මාර්ට් ජංගම දුරකථන දෙකක්ද පොලීසිය භාරයට ගෙන ඇත.

බුද්ධි අංශ තොරතුරු මත අනුරාධපුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

සිදු කළ වැටලීමේදී අනුරාධපුර නව නුවර පාරේ පිහිටි ජාත්‍යන්තර පාසැලක් අසලදී අත් අඩංගුවට ගෙන ඇති සැකකරුව පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මත්කුඩු ස්වල්ප ප්‍රමාණයක් හමුවි ඇති අතර අනතුරුව පොලීසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ සගවා තිබූ ඉතිරි මත්කුඩු තොගය හමුවී තිබේ.

ගතවූ සතියක කාලය තුළ යුක්තිය මෙහෙයුම යටතේ පොලිසිය විසින්  උතුරුමැද පළාතෙන් අත්අඩංගුවට ගත් වැඩිම හෙරොයින් මත්කුඩු ප්‍රමාණය මෙය වන බව පොලිසිය පවසයි.

ඩුබායි හි වෙසෙන කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ගෝලයෙකුගෙන් එම සැකකරුට ජාවාරම සදහා මත්කුඩු ලැබෙන බවටද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

හතළිස් පස් වියෙහි පසුවන සැකකරු අද (16)අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කොට රැදවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT