Local

වාහන ආනයනය ගැන ජනපති දුන් ඉඟිය

Sunday, 11 August 2024 - 5:49 pm

බදු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහනුවර පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන කරුණු මෙන්ම, එකඟ නොවන කරුණුද පවතින බවයි. 

මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණි.

මහනුවර එක්සත් වෙළෙඳ පෙරමුණ විසින් සංවිධාන කෙරුණු එම හමුවට එම ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයින් රැසක් සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

'බදු වැඩි කිරීම නිසා 2023 සහ 2024 මුල් කාලය අමාරු කාලයක් වුණා. දැන් ආර්ථිකය ටිකෙන් ටික හොඳ අතට හැරෙනවා. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න හැකිවුණා. මේ පියවර පෞද්ගලික අංශයට බලපානවා. IMF සමඟ මාස 6කට සැරයක් සාකච්ඡා කරනවා. එතැනදි පෙනුණේ තවත් දියුණු වෙමින් පවතින බව. බදු ගැටලු සංශෝධනය කිරීමට IMF සමඟ සාකච්ඡා කරනවා. IMF සමඟ එකඟ වන කරුණුත් - එකඟ නොවන කරුණුත් තියෙනවා. එන අවුරුද්දේ විදේශ සංචිතය අඩුවෙන්න යන්නේ. වාහන ආනයනය ආරම්භ කළාම එහෙම වෙනවා. ඒත් අපිට වාහන නොගෙන ඉන්න බැහැ. ආදායමේ විශාල කොටසක් තියෙන්නේ වාහන බදුවලින්. ලබන අවුරුද්ද මැද වෙනකොට මීට වඩා හොඳ දියුණුවක් ලැබෙයි.'


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT