Local

ජවිපෙ ප්‍රධාන කාර්යාලය ළඟ උද්ඝෝෂණයක්

Wednesday, 24 January 2024 - 8:03 am

ජාතික ජන බලවේග රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම රට ගොඩනැඟීමේ ප්‍රධාන වැඩපිළිවෙළ දැයි ප්‍රශ්න කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී නව ජනතා පෙරමුණේ සාමාජිකයන් විසින් පෙරේදා (22) උද්ඝෝෂණයක් පැවැත්විය.

“අපි අද ජාතික ජන බලවේගය කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය සිදු කරන්නේ මේ රටේ කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු සංස්කෘතියට, සභ්‍යත්වයට ජාතික ජන බලවේගය ආණ්ඩුවක් කවද හරි ආවොත් වෙන්නේ මොකක් ද කියලා අහන්න. ජවිපෙ විධායක සභික සමන්මලී ගුණසිංහ ගණිකා වෘත්තිය නීතිගත කරන බවට ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා.“ යැයි එහිදී උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස අදහස් දක්වමින් පවසා සිටියහ. “අපි ජවිපෙ නායකයන්ගෙන් අහන්නේ ඒකද ඔබලාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ කියලා. තවමත් 70%කට වැඩියෙන් බෞද්ධයෝ ජීවත් වෙන රටක් මේක. මේ රටේ අතීතයේ සිට පැවත එන සංස්කෘතියක්, සභ්‍යත්වයක් තියෙනවා. ඒ නිසා මෙවැනි අමනෝඥ ප්‍රකාශ සිදු කරන්න කලින් ටිකක් කල්පනා කරලා බලන්න කියලා අපි ඔවුන්ට කියනවා.“ යැයිද ඔවුහු පැවසූහ. “රටේ ජනතාවගෙනුත් අපි ඉල්ලන්නේ ජවිපෙ සාමාජිකයන් උමතුවෙන් වගේ තැන තැන කියවන ප්‍රකාශ ගැන ටිකක් උනන්දුවෙන් අවධානයෙන් ඉන්න කියලා. මේ තමයි ඔවුන්ගේ සැබෑ මුහුණ එළියට පේන අවස්ථාව. ඒ නිසා මේ කරන ප්‍රකාශ සුළුවෙන් ගන්න එපා කියලා අපි රටේ ජනතාවට කියනවා.“ යැයිද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT