Local

තාමත් මදි...දැන් වැටෙන්න බෑ -ජනපති

Tuesday, 17 September 2024 - 10:24 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ දක්වාත් අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා කර නොමැති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අම්පාර ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

'හැමෝම බෑ කිව්ව වෙලාවේ අපි එකතු වෙලා රට වෙනස් කරා. අපිට මේක දරාගන්න බැරිවුණ නිසා දේශපාලන පක්ෂ පැත්තකට දාලා අපි එකතු වුණා. මොකද සියලුදෙනාම ජීවත් කරවන්න. අපි එකතුවෙලා මේ රට දියුණු කළා. රුපියල ශක්තිමත් වුණා. බඩුමිල ක්‍රමානුකූලව අඩු වුණා. තාමත් මදි. අපිට තව පියවර ගන්න තියෙනවා. අපි භාගයක් දුරට වඩා ඇවිත් තියෙනවා. ඒක කරන්නයි මම විශේෂයෙන්ම ක්‍රියාකරන්නේ, දැන් වැටෙන්න බෑ. ඒකට තමා වරම ඉල්ලන්නේ. සජිත් මොනවද කියන්නේ ? අනුර කිව්වා මං එක්ක විවාදයකට එන්න කියලා. තාම ආවේ නෑ. එයාලා කියනවා IMF ගිහින් අනුමැතිය ගන්නවා කියලා. IMF අනුමැතිය නැතුව මේක ගන්න බෑ. අද වෙනකල් මං හොයලා බැලුවා එයාලා IMF කතා කරලා නෑ. මෙතනට ඇවිත් කතා කරනවා විතරයි. රට ආපහු ඒ තත්ත්වයට යන්න දෙන්න එපා. හොඳ අනාගතයක් වෙනුවෙන් සැප්තැම්බර් 21 ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරේ ගහන්න.'


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT