කලින් කලට දිනන පක්ෂයට මන්ත්‍රීවරුන් මාරැවන ක්‍රමය නතර කිරීමට අවශ්‍ය නීති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ගෙනෙන බව ජාතික ජනබලවේඟයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක, ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නෙ මහජනතාවගේ සහ රටේ සුබසිද්ධියට බලපාන තවත් සාධනීය නීති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ගෙන ඒමට බළාපොරෙත්තු වන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති මැතිවරණ ප්රචාරක රැළියකට සහ වෙමින් ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා මේ බව අවධාරණය කළේය.
ඔහු මෙසේද පැවසීය.
අපේ රටේ ඉතිහාසය වෙනස් කරමින් අලුත් ජනාධිපති කෙනෙක් බිහිවුණා.අවුරුදු සියයකට ආසන්න කාළයක් වළව් හතරක් පහක් අපේ රට පාලනය කළා. ඒක විජේවර්ධන, බණ්ඩාරනායක, සේනානායක, රාජපක්ෂ, ජයවර්ධන, වික්‍රමසිංහ කියන වළවිවලින් ඇරෙන්න මේ රටේ වෙනකාටවත් බලය ගන්න බැරිවුණා.
ඒ වළව් පැළැන්තියේ දේශපාලනය ඉවර කරලා අපේ රටේ ජනතාවගේ කැමැතතෙන් අපේ කෙනෙක් රටේ මුල් පුටුවට පත් කරගත්තා.ඒ තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා.
රටේ මුල්බැස ගෙන තිබුණු මජර දේශපාලන සංස්කෘතිය තිත තියල රට නිවරදි සංවර්ධන මාවතකට ගෙනියන බව ජනාධිපතිතුමා ජනතාවට පොරොන්දු වුණා. ඒ වගේම දේශපාලනයේ නාමයෙන් රටේ සල්ලි පිටරටට පන්නපු හැම හොරෙක්ම නීතිය ඉදිරියට ගෙනියනවා කියලත් ඔහු පොරොන්දු වුණා. දැන් ඒවා ක්‍රියාත්මක කරන්න අපි සූදානම් වෙනවා.
ජනාධිපතිවරයා කියන්නේ විධායකයෙ ප්‍රධානියා. විධායකයට වැඩ කරන්න හොඳ පාර්ලිමේන්තුවක් අපි හදල දෙන්න ඕන. පාර්ලිමේන්තුව තුලින් නීති හදන්න ඕන. පාර්ලිමේන්තුවේ අපි හදන නීති තමයි විධායකය ක්‍රියාත්මක කරන්නෙ. අපි ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ සහය අවශ්‍යයි. රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕන. ඒ සියල්ල කරන්න ඕන පාර්ලිමේන්තුව තුලිනුයි.
කලින් කලට දිනන පක්ෂයට පනින මන්ත්‍රීවරුන් මේ රටේ හිටියා.මොන ආණ්ඩුව බලයට ආවත් නිමල් සිරිපාල ඇමති.ඒ වගේ පිල් පැනීම් නවත්වන්න ප්‍රතිපාදන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි ගේනවා. ඒ වගේම තවත් සාධනීය නීතියක් ගේනවා. ඒ තමයි ඡන්දදායකයාට පිටුපාන මන්ත්‍රීවරුන් ට එරෙහිවත් නීති ගේනවා. හොරු පිටරට හංඟපු සල්ලි ගේන්න අලුත් නීතියක් ගේන්න ඕන. මේ නීති හදන්න හොඳ පාර්ලිමේන්තුවක් ඕන.
පාර්ලිමේන්තුවට පත්කරන ඕන මලගෙදර කැරම් ගහපු, දාම් ඇදපු මිනිස්සු නෙවෙයි. එකපාරක් පාර්ලිමේන්තුවට ගම්පහින් නිළියක් ගියා. එයා ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මොකක්ද කියල දන්නෙ නෑ.
පාර්ලිමේන්තු ක්‍රමය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් ඒකට පත්කරන්න ඕන.
මාතරින් අපි දහදෙනෙක් ඡන්දය ඉල්ලනවා. එතනින් ඕනම හත් දෙනෙක් පාර්ලිමේන්තු යවන්න. මේ දහදෙනාම දක්ෂයි. එතන භේදයක් නෑ.