ආණ්ඩුවක් පිහිටුවීමට තිබූ අවස්ථාව සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නැතිකර බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානායක්කාර මහතා ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
මේවන විට ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට සජිත් ප්‍රේමදාස මහතා ඉඩ ලබා නොදී කටයුතු කරන බව පැවසීය.
මේ මොහොතේ සියලු දෙනා එකට එකතුවී ප්රජාතන්ත්රවාදයේ යහපත වෙනුවෙන් කටයුතු කළයුතුය.
මේ මොහොතේ රට තුළ ශක්තිමත් විපක්ෂයක් පැවතිය යුතු බව වැඩිදුරටත් පැවසීය.