Local

සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්තිවිඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනපතිගේ අපේක්ෂාවයි – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත

Friday, 17 November 2023 - 1:38 pm

භාණ්ඩ මිල පාලනය කර නිෂ්පාදනය වැඩි කරමින් සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අරමුණ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

භාණ්ඩ මිල වැඩිවීම රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපාන කරුණක් බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ලබන වසරෙහි පළමු කාර්තුව තුළ එහි සහනදායී තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද සඳහන් කළේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ‍මෙසේද පැවසීය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ 2024 අයවැය ලේඛනය පිළිබඳ විවිධ කතිකාවන් නිර්මාණය වී තිබෙනවා. එහිදී මා විසින් නියෝජනය කරන ස්වදේශ කටයුතු විෂයට අදාළව රාජ්‍ය සේවකයින්ට බලපානු ලබන විවිධ ගැටලු, වේතනයන් පිළිබඳව සහ උද්ධමනය සමඟ ජීවත්වීමට ඇති අපහසුතා පිළිබඳ අවධානය යොමු කෙරුණා.

බඩු මිල වැඩිවීම සහ උද්ධමනය රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපා තිබෙනවා. එය වැටුප් වැඩි කිරීමකින් පමණක් විසඳීමට නොහැකියි.

නමුත් ජනතාව පත්ව සිටින පීඩනය පිළිබඳව රජයක් ලෙස අප සංවේදී විය යුතුයි. ඒ අනුව ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. ඒ වගේම 2024 අයවැය මගින් විශ්‍රාමිකයින්ට ලබා දෙන ප්‍රතිලාභ ඉහළ දැමීම ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ රැසක් ඉහළ දමා තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අලුතින් අයදුම්කරන අයෙකුට එය ලබා ගැනීමට මෙතෙක් මාස තුනක පමණ කාලයක් ගතවුණා. නමුත් අප එම කාලය සතියක් හෝ දෙකක් දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

භාණ්ඩ මිල පාලනය කරමින් නිෂ්පාදනය වැඩි කර සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අරමුණ වනවා. 2024 අයවැය අනුව ද ලබන වසරෙහි පළමු කාර්තුව තුළ භාණ්ඩ මිලෙහි සහනදායී තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම, නව විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීම මෙන්ම අබලන් වූ මාර්ග පද්ධතිය යළි සකස් කිරීම සම්බන්ධයෙන් ද මෙවර අයවැයේදී අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද වෙන් කර තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් සංවර්ධන වීමට අවශ්‍ය පදනම මෙවර අයවැයෙහි ඇතුළත් බව සඳහන් කළ යුතුයි. මේ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා.


Top Stories
wedivistara

වැලිවේරියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

wedivistara

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

අපරාධ සැකකරුවකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමේ බලපෑම

wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

Trending
wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

දේශබන්දුයි, සෙව්වන්දියි ඉන්න තැන වටගල දන්නවා නම්, ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? - අජිත් පී. පෙරේරා

wedivistara

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් අද සිට

wedivistara

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි


NEWS ALERT