Local

අවිධිමත් ණය දෙන ආයතන සඳහා නියාමනයක් එන තුරු ඒ ජනතාවගේ ණය වාරික ලබාගැනීම නවත්වන්න – නව ජනතා පෙරමුණේ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර

Monday, 04 March 2024 - 8:23 am

ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක අවිධිමත් ණය දෙන ආයතනවල ක්‍රියාකාරකම් නිසා අඩු ආදායම්ලාභී දුප්පත් ජනතාවගේ දේපොළ සහ ජීවිත අවදානමකට ලක්වී ඇති බවත්, අවිධිමත් ණය දෙන ආයතන සඳහා නියාමනයක් එනතුරු ඒ ජනතාවගේ ණය වාරික ගැනීම නවත්වන ලෙසත් නව ජනතා පෙරමුණේ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ බැරගම සුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් අලුත්ගම බෝ සෙවණ පදනමෙන් ආරම්භ කරන ලද ජපන් භාෂා පුහුණු පාසලේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහසු දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ තත්ත්වය නියාමනය කළ යුතුයි. රාජ්‍ය ආයතන කඩිනමින් දැනුවත් කර ඉදිරි සති දෙකේ ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට අප නායකත්වය ගෙන තිබෙනවා. දැනටමත් ඒ සඳහා අවශ්‍ය නියාමන නීති රීති සැකසීමට අදාළ අංශ සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලා තිබෙනවා. අද මේ රටේ ජනතාව අසරණවී තිබෙන්නේ ඔය වැඩි පොලී ණය කන්ද ගෙවා ගන්න බැරිව. මේ හේතුවෙන් බොහොමයක් පිරිස දැඩි මානසික ආතතියකින් පසු වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හුස්ම ගන්න අවස්ථාව සලසා දෙමින් පරාටේ නීතිය අත්හිටුවීම ගැන රටේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාවට අද රජයට ප්‍රශංසා කරනවා. ව්‍යාපාරිකයන්ගේ දේපොළ ගිල ගන්නා නීති අවලංගු කරන වැඩපිළිවෙළ රජය ආරම්භ කරද්දී මේ රටේ තවත් එවැනිම ගැටලුවක් දලුලා වැ‌‌ඩෙනවා. ඒ තමයි ගමේ ගිනි පොලී ණය ක්‍රමය. මෙවැනි අවිධිමත් ආයතන තුළින් ක්‍රමවත් නොවූ ඔවුන්ට ආවේණික ක්‍රමවලින් දේපොළ අත්පත් කර ගැනීම, පොලී මුදල් නියම කිරීම වැනි ක්‍රියා සිදු වෙනවා. මේ සඳහා නියාමනයක් වහාම අවශ්‍යයි. ඒ නියාමනය එන තෙක් ණය උගුලේ සිරවී සිටින ජනතාවගේ ගෙවීම් වහාම නවත්වා ඔවුන්ගේ දේපොළ සහ මුදල් බේරා ගැනීමට වහාම ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. මේ සඳහා අවම වශයෙන් මාස හයකට හෝ එවන් ණය පොලී වාරික ගෙවීම අත්හිටුවීමට රජය තීරණයක් ගත යුතුයි.”

මේ අවස්ථාවට ජනාධිපති නීති අධ්‍යක්ෂ නලීන් සමරකෝන්, ක්‍රිකට් ක්‍රීඩක තිළිණ තුෂාර මිරැන්ඩෝ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු සහභාගී වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT