ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උණුසුම් කාලගුණයෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි වැඩිදුරටත් දැනුම්දෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.