Local

රජය අලුතින් බදු පනවා නෑ.. රනිල්ගෙ බද්දක් දීර්ඝ කලා පමණයි..- මුදල් අමාත්‍යංශය

Saturday, 19 October 2024 - 10:13 am

භාණ්ඩ වර්ග පහක් සඳහා රජය විසින් අලුතෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීම සිදු කර නොමැති බව මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදක, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.

සිදුකර ඇත්තේ කලින් පැවති බදු අනුපාතයන් දීර්ඝ කෙනෙක් පමණක් බවද එම අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි

රජය විසින් භාණ්ඩ වර්ග 5 ක් සඳහා අළුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදු කරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් පිළිබඳවයි
2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු ප්‍යාන යටතේ 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මගින් භාණ්ඩ වර්ග 05 ක් සඳහා බදු පනවා ඇති බවට පළවන මාධ්‍ය වාර්ථා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමයි.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ පනවනු ලබන බදු පැනවීමේ නියමයන් හි ප්‍රධාන වශයෙන් අදාළ භාණ්ඩ නිශ්චිතව රේගු සංකේතාංක සමග අදාළ බදු අනුපානයන් සමගින් දැක්වීමන් එම නියමය බලාත්මක වන නිශ්චිත කාල පරාසය, අදාළ නියමයේ සඳහන් කිරීමන් ප්‍රධානම නීතිමය අවශ්‍යතාවයන් 03 කි.

එම නීතිමය අවශ්‍යතාවය පදනම් කරගෙන, ආනයනික භාණ්ඩ පහක් (05) සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබූ 2023 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වූ වලංගු කාලය 2024 ඔක්තෝබර් මස 13 දිනයෙන් අවසන් වූ බැවින්, එය නැවත 2024 දෙසැම්බර් මස 31 දින දක්වා එලෙසම දීර්ඝ කිරීමට 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 දරන ගැසට්‌ නිවේදනය මගින් කටයුතු කර ඇත.

එමගින් රජය විසින් අළුතින් බදු පැනවීමක් සිදුකර නොමැති අතර, ආනයනික පරිප්පු සඳහා පැවති සන්නදායි ගත 25 ක් වු බද්ද එලෙසම ක්‍රියාත්මක කර ඇති අතර, දේශීය ධීවර කර්මාන්තය සහ පළතුරු වගාව ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් සහ විදේශ විනිමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනෙකුත් භාණ්ඩ 04 සඳහා පැවති බදු අනුපාත යටතේම එලෙසම දීර්ඝ කර දැන.

සාමාන්‍යයෙන් මෙම පනත යටතේ ගැසට්‌ නිවේදනයෙන් වසරක කාලයක් සඳහා නිකුත් කලද, මෙම බදු පිළිබඳව විධිමත් ලෙස අධ්‍යනය කිරීම කෙරෙහි අවධානය යොමුකොට 2024.12.31 දින දක්වා පමණක් පවතින බදු ප්‍රමාණය එලෙසම පවත්වා ගැනීමට තීරණය කරන ලදී


Top Stories
wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

wedivistara

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

wedivistara

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Trending
wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

wedivistara

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

wedivistara

පොල් මිල යළිත් ඉහළට

wedivistara

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

wedivistara

දුමින්ද බන්ධනාගාර රෝහලට


NEWS ALERT