Local

අඟහරු ලෝකෙට යන්න අපේ පියුමි තෝරාගනී

Friday, 19 April 2024 - 7:45 am

පුහුණුවක් සඳහා අඟහරු ග්‍රහයා වෙත යෑමට නියමිත විද්‍යාඥයන්ගේ කණ්ඩායමට අමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් ශ්‍රී ලාංකික තරුණියක වන පියුමි විජේසේකර තෝරාගෙන තිබේ. ඔවුන් ඒ සඳහා සිව් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරාගෙන ඇති අතර, ඒ අතරට පියුමි විජේසේකර ද ඇතුළත් කරගෙන තිබේ.

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සිදුකෙරෙන මෙහෙයුමකට මෙම කණ්ඩායම සහභාගි වන අතර, ස්වේච්ඡා සේවකයන් හතර දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් මෙලෙස තෝරාගෙන ඇත. ඒ පියුමි විජේසේකරට අමතරව ජේසන් ලී, ස්ටෙෆනී නවාරෝ, ෂරීෆ් අල් රොමේති යන අය එළඹෙන මැයි මස 10 වැනිදා නාසා ඒජන්සියේ HERA නමින් හැඳින්වෙන අංශය වෙත පිවිසෙනු ඇත. එම අංශය වෙත පිවිසීමෙන් පසුව එම කණ්ඩායම දින 45ක් අඟහරු වෙත ගිය ගගනගාමීහු මෙන් ජීවත් වෙති.

කාර්ය මණ්ඩලය ‘යළි පෘථිවියට පැමිණීම’ සටහන් කිරීමෙන් පසු ජුනි 24 වැනි දින ඔවුන්ට අදාළ පරිශ්‍රයෙන් පිටව යෑමට හැකි වන අතර, ජොස් බැකා සහ බ්‍රැන්ඩන් කෙන්ට් මෙම මෙහෙයුමේ විකල්ප කාර්ය මණ්ඩල සාමාජිකයන් වේ. නාසා ආයතනය සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හුදෙකලාවට හුරු වීම සහ දුරස්ථ තත්ත්වයන්ට අනුගත වන ආකාරය අධ්‍යයනය කිරීමට HERA ඔස්සේ විද්‍යාඥයන්ට පුහුණුව ලබාදෙයි.

ඊට විද්‍යාත්මක පර්යේෂණ සහ මෙහෙයුම් කාර්යයන් සේම අඟහරු මත ඇවිදීම වැනි පුහුණු කිරීම් ද ඇතුළත් වන අතර, පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥයෙකි.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT