Local

පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

Tuesday, 23 January 2024 - 1:38 pm

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (22) පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනය කළේය.

මධ්‍ය කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීම සඳහා දේශීය හා ජාත්‍යන්තර සාර්ව ආර්ථික වර්ධනයන් පිළිබඳ සවිස්තරාත්මක තක්සේරුවකින් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත.

වෙළෙඳපල ණය පොලී අනුපාත තවදුරටත් අඩුකිරීමේ අපේක්ෂිත ප්‍රතිලාභය මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ප්‍රමාණවත් ලෙස සහ කඩිනමින් ලබාදිය යුතු බව මණ්ඩලය අවධාරනය කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT