Local

ගම්මන්පිල හෙලිකල වාර්තාව පිලිගන්නේ නෑ..- අගරදගුරු

Tuesday, 22 October 2024 - 7:22 pm

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වාර්තාව පිළිගන්නේ නැතැයි කතෝලික ජනමාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසති.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ඉදිරිපත් කරන්නැයි කතෝලික සභාව කළ ඉල්ලීම එවකට ඉවත දැමූ බවද පියතුමා පැවසූහ.

එකල එසේ කටයුතු කළ උදය ගම්මන්පිල මහතා අද තමන්ට තැපෑලෙන් ලැබුණේ යැයි කියන වාර්තාවක් ඉදිරිපත් කිරීම නාටකයක් යයිද කියා සිටියහ.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් විසින් නිකුත් කළ නිවේදනය ප්‍රකාශයට පත් කරමින් පියතුමා මෙසේ පැවසූහ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කල ඒ් එන් ජේ අල්විස් කමිටු වාර්තාව ශ්‍රී ලංකා රදගුරු සංගමයට ලබා දී ඇති බවත් එම වාර්තාව රහසිතගත වාර්තාවක් ලෙස සඳහන් කර ඇති නිසා රහසිගතව තබා ගැනිමට කටයුතු කර කල බවත් නිවේදනයේ දැක්වින.

එම වාර්තාව රවි සෙනෙවිරත්නව සහ ශානි අබේසේකර හිරකිරීමට සකස් කල වාර්තාවක් දැයි සැකයක් මතුවන බවත් සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් කියා සිටියහ.

ඒ් එන් ජේ අල්විස් කමිටුව විසින් ලබා දුන් ත්‍රිපුද්ගල වාර්තාව අප පිලිනොගන්නා බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කල නිවේදනය ප්‍රකාශයට පත් කරමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටියහ.

උදය ගම්මන්පිල කාගේ හෝ කොන්ත්‍රාත් එකක් කරන බව හැගෙන බවත් මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ජනතාවගේ දුක වේදනාව ප්‍රයෝජනයට ගෙන මැතිවරණ ජයගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව වැටහෙන බවත් නිවේදනයේ තව දුරටත් සදහන් කර තිබින.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT