රට වැටුණ අවස්ථාවේ එම අභියෝගය භාර ගනිමින් නැවත රට ගොඩ ගැනීමේ කාර්යය රටේ ප්‍රධාන විපක්ෂයට පැවරුණ ද විපක්ෂ නායකතුමන් එම අභියෝගය භාර නොගත් අතර මීළඟට සිටින විපක්ෂය වන ජ.වි.පෙරමුණ ද එය මඟහැර සිටි අවස්ථාවක තනි මන්ත්‍රීවරයෙක් වූ රනිල් වික්‍රමසිංහ මහතා එම අභියෝගය භාරගෙන අවුරුදු දෙකක් තුළ රට නිවැරදි මාවතකට ගෙන ආ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
ඒ මහතා මෙලෙස ප්‍රකාශ කර සිටියේ රාජගිරියේ ඔබේසේකරපුර ප්රජාශාලාවේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
Òඑදා පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමැතිවරුන් රට ගැන හිතලා රනිල්ට පූර්ණ සහාය ලබා දුන්නා. එදා තිබුණු තෙල් පෝලිම් ගැන ගෑස් පෝලිම් ගැන අද ජනතාවට මතක නැහැ. ඒ අද රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තිබෙන නිසයි. එදා බඩු මිල වැඩිවීමේ වේගය 75%ක් ද වෙලා තිබුණා. නමුත් අද එය 3%ක් දක්වා අඩුකර ගැනීමට අපට හැකි වෙලා තියෙනවා. රුපියල ශක්තිමත් වෙද්දි තවදුරටත් බඩු මිල පහත වැටෙනවා. ඒ වගේම තමයි අද රටේ සංචාරකයෝ වැඩිවෙලා.
නිෂ්පාදන ආර්ථිකයක් මඟින් ධන ආර්ථිකයක් ඇති කරලා විදේශ ආදායම් වැඩිවෙලා තියෙනවා. අද ජාත්‍යන්තරයෙන් අපිට ආධාර ලැබෙනවා. මේ යන ගමන වෙනස් වුණොත් රට ආපහු හිටපු තැනට වැටෙන්න පුළුවන්.