Local

විසිරවූ ගැසට්ටුව වැරදියි.. මැතිවරණය අවලංගු කර පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා..

Monday, 14 October 2024 - 9:07 am

පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය කැඳවීම සඳහා නිකුත් කර ඇති ගැසට් පත්‍රය පනතට පටහැනි බව සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා සඳහන් කරයි.

එනිසා ඊට එරෙහිව කිසිවෙකු අධිකරණ ගියහොත් ගැසට් පත්‍රය අවලංගු කර නැවත පැවති පාර්ලිමේන්තුව කැඳවීමට ඉඩක් ඇතැයිද හෙතෙම කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසයි.

*** ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 (1) වගන්තියට අනුව. ඒ අනුව සැප්ත්ම්බර් මස 24 දින මධ්‍යම රාත්‍රියේ විසුරුවන්න කටයුතු කරනවා. එම ගැසට් ප්‍රකාශයේම නොවැම්බර් මස 14 වන දිනට මැතිවරණය නියම කරනවා. 10 (2) වගන්තියට අනුව විසුරුවා දින 10ක් ඇතුලත නාමයෝජනා කැඳවීම සිදු කරනවා. ඒ අනුව ඔක්තෝබර් 4 වන දින නාම යෝජනා කැදවනවා.

පනතේ ඉලඟ කියනවා නාම යෝජනා කැදවපු දිනයේ සිට තව දින 7ක මධ්‍යහන 12 වන විට නාමයෝජනා බාර දීම අවසන් කරන්න කියලා. ඒ අනුව ඔක්තෝබර් 11 දහවල් 12ට නාමයෝජනා භාර ගැනීම අවසන් කරා. ඊට පස්සේ පනතේ කියනවා එදිනින් පසු සති 5 නොඅඩු සති 7කට නොවැඩි දිනයක මැතිවරණය පවත්වන්න ඕනේ කියලා..

ඔක්තෝබර් 11 සිට සති 5ක් වන්නේ නොවැම්බර් 15. එදින පොහොය නිසා එය 16 හෝ ඊට පසු දිනයක යොදා ගන්න තමයි පනතෙන් අවසර තියෙන්නේ.

නමුත් දැන් මැතිවරණ දිනය ප්‍රකාශ කරලා තියෙන්නේ පනතට පටහැනිව දිනයක් අඩුවෙන් .

ඒ නිසා කවුරු හරි උසාවි ගියොත් එම ගැසට් පත්‍රය අවලංගු කිරීමට සිදු වෙනවා. මේක ප්‍රයෝගික සහ නීතිමය තත්වයක්.. මෙහි සිටින නීතිඥ මහත්වරුන්ට මම වැරදි නම් නිවැරදි කරන්න පුළුවන්***


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT