Local

මනු කියවන්නා නිරුවත් කොට මුදල් පැහැර අරන්

Wednesday, 24 January 2024 - 8:48 pm

විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නෙකු  විල්ලෝරාවත්ත  නිවසකට සැලසුම් සහගතව ගෙන්වාගෙන නිරුවත් කර පහරදී රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් කොල්ලකෑ  පස් දෙනෙකුගෙන් යුත් තරුණ කල්ලියක්  අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 17 හා 20 අතර පසුවන්නන් බව පොලිසිය පවසයි.

“ග්‍රින්ඩර් “යනුවෙන් සඳහන් ඇප් එකක අත්අඩංගුවට ගත් සැකකාර තරුණයකු  ලියාපදිංචි වි  ශරීරය සම්බාහනය කර ගැනීම සඳහා මනු කියවන්නාව  විල්ලෝරවත්තේ  නිවසට සූක්ෂම ලෙස ගෙන්වාගෙන මෙම කොල්ලකෑම සිදුකර තිබූ බව පොලිසිය කියයි

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි මනුකියවන්නා  සැකකාර තරුණයා ජංගම දුරකථනයට ඒවා තිබූ ගමන් මාර්ගය (location) ඔස්සේ විල්ලෝරාවත්ත නිවස සොයා යාමෙන් අනතුරුව ඔහුට නිවසට පැමිණෙන ලෙස ඇරයුම් කළ   තරුණයා  ඔහුගේ ද ඇඳුම් ද උනා දමා නිරුවත් වීමෙන් අනතුරුව පැමිණි මනු කියවන්නාද නිරුවත් කර ඇතැයි පොලිසිය කියයි

මඳ වේලාවක් ගත වෙද්දී නිවස වටා සැඟව සිටි සෙසු තරුණයන්  නිවස තුළට කඩා වැදී  නිරුවත්ව සිටින මනු කියවන්නාට පහරදී මරණ තර්ජනය කර තරුණයෙකුට ලිංගික අතවර කිරීම සඳහා පැමිණි බවට ඔහුව පොලිසියට අල්ලා දෙන බව පවසා බියගන්වා ඔහු සන්තකයේ තිබූ ඒ ටි එම් කාඩ්පත සහ රහස් අංකය ලබාගෙන එයින් රුපියල් 70000/= මුදලක්ද  ක්‍රෙඩිට් පතින් රුපියල් 29000/ = ලබාගෙන  තිබූ බව පොලිසිය කියයි

අදාල සිදුවීම ඉකුත් 11 වෙනි දින සිදු වී තිබෙයි.

ඒ අනුව විමර්ශන පැවැත්වූ පොලිසිය විල්ලෝරාවත්ත ,රාවතාවත්ත හා ලක්ෂපතිය ප්‍රදේශවල පදිංචි සැකකාර තරුණයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන්ගෙන් කීප දෙනෙකු මීට පෙරද හමුදා මේජර්වරයෙකුගෙන්ද , විද්‍යාල සිසුවකුද ඒ ආකාරයෙන්ම නිවසට ගෙන්වා නිරුවත්කර පහරදී මරණීය තර්ජනය කර මුදල් කොල්ලකා තිබූ බව  පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT