Local

කර්මාන්තකරුවෝ මිලියන තුනක් ණය ගෙවීමේ අර්බුදයක… චම්පික රණවක

Thursday, 08 August 2024 - 12:29 pm

‘කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ මිලියන 3 ක් මේ ණය ආපසු ගෙවීමේ අර්බුදයකග මිලියන 2.4 ක කාන්තාවෝ ණය ගෙවා ගන්න බැරුවල ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට හසුවෙලා. ඒ අයගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා සමස්ත රාජ්‍ය උත්තරයක් හොයාගත්තේ නැත්නම් සමාජ ඛේදවාචකයක් වෙයි’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.

“අද අපේ රටේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව, ආර්ථික ස්ථායිකරණ කමිටුව, අමාත්‍යාංශය විසින් යෝජනා කරලා තියෙනවා. මේක දිහා බලාගෙන යනකොට යම් යම් ධනාත්මක ලක්ෂණ අත්පත් කරගෙන තියෙනවා වගේම, තාමත් සතුටු වෙන්නට බැරි, ලක්ෂණත් ගණනාවක් තිබෙන බව අපිට පේනවා. විශේෂයෙන්ම මේ ආර්ථික වර්ධන වේගය මේ පළවෙනි කාර්තුවේ දී 5.30 ක ධන වර්ධන වේගයක් සනිටුහන් කරගෙන තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම රටේ දළ දේශීය නිෂ්පාදනයේ ඉදිරි ගමනට යම් දිරියක් ලබා දෙන ක්‍රියාවලොයක්. ඒක අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක් රටක් හැටියට. හැබැයි මේක ඇතුලේ අපි අමතක කරන්න හොඳ නෑ විශේෂයෙන්ම අපගේ ප්‍රාථමික ශේෂයේ කිසියම් ධනාත්මක වර්ධනයක් ඇති කර ගැනීමෙන් ආණ්ඩුවේ ආදායම් ලබාගෙන තියෙනවා. මේකේ තියෙන්නේ අප්‍රේල් මාසය සඳහා විතරයි දත්ත. නමුත් ඇත්තටම මේ ජූනි මාසය දක්වා ආණ්ඩුවේ ආදායම් වාර්තාව ගත්තහම ඒ ජූනි මාසය දක්වා ආණ්ඩුවේ ආදායම් වාර්තාවට අනුව ආසන්නයෙන් බලාපොරොත්තු වෙච්ච ආදායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව ඒ වාර්තාවන්ට අනුව ආසන්නයෙන් තමන්ගේ ඉලක්ක සපුරගෙන තියෙනවා. මේ වගේ ධනාත්මක කරුණු ගණනාවක් මේකේ තියෙනවා.

ඒ වගේම මේ රටේ බැංකු පද්ධතිය පිළිබඳවත් යම් තොරතුරු වාර්තාකරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ලංකා බැංකුවේ තැන්පතු ප්‍රමාණය පළවෙනි මාස හතර ඇතුළත 3.6%කින් පහළ ගිහින් තියෙනවයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ බැංකු පද්ධතියේ රටේ තියෙන ලොකුම බැංකුවේ වත්කම් ප්‍රමාණයත් ඒ වගේම ඒගොල්ලන්ගේ තැන්පතු ප්‍රමාණයත් 3.6% කින් අඩුවෙලා තිබෙන බව මේ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම ‍රාජ්‍ය අංශයේ බොහෝ සංස්ථා ආයතන පනස් දෙකම ගත්තම ඒ ගණයේ ඒවා කීපයක් හැරුණු එකට අනිත් සියල්ල ලාභ උපයන තත්වයට පත්වෙලා. අද වෙනකොට බිලියන 185 ක් මේ පළවෙනි මාස හතරේ ලාභය හැටියට වාර්තා වෙනවා. ඉතින් මේ වගේ මේ ධනාත්මක ලකුණු ගණනාවක් ආණ්ඩුවේ ආයතන සම්බන්ධයෙන්, ආර්ථිකය සම්බන්ධයෙන් තිබෙනවා. ඒ ගැන අපිට සතුටු විය හැකියි.

නමුත් මෙහි සඳහන් නොවෙන තව විශාල කරුණු ගණනාවක් තිබෙනවා. උදාහරණයක් හැටියට ලංකා විදුලිබල මණ්ඩලය ලාභදායී වෙලා තියෙනවා. හැබැයි, ඒ විදුලි බිල ගෙවාගන්න බැරුව, කර්මාන්ත ක්ෂේත්‍රයේ 20 ක් වැහී ගිහින් තියෙනවා. ඒ වගේම, ඒ ක්ෂේත්‍රයේ කර්මාන්ත වෙළඳාම ඒ වගේම සාමාන්‍ය විදුලි පරිභෝජකයා මේ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි දැවැන්ත සමාජ අර්බුදයකට ලක්වෙලා තියෙනවා. ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඒ වගේම අයි ඕ සී එක, ඒ වගේම සිනොපෙක් එක මේ සියලු ආයතන ලාභ ලබලා තියෙනවා. විශාල බදු මුදල් ආණ්ඩුවට ලබාදීලා තියෙනවා. මේ අවුරුද්දේ අවසාන මාස කිහිපය තුළ ලංකාවට පිරිපහදු කරන ලද පෙට්‍රල් 92 ගෙනැවිත් තිබෙන්නේ රුපියල් 195 කට. ඒ වගේම ඩීසල් ගෙනල්ලා තියෙන්නේ රුපියල් 200 කට ආසන්න මුදලකට. එතකොට මේ ඉතුරු ටික බදු සහ මේ ආයතන වල ලාභ. විශේෂයෙන්ම මේ ඩීසල් පිළිබඳව මේ අධික බදු ඒ වගේම අධික ලාභ ඉපයීමේ ක්‍රියාවලිය හරහා, අතීතයේ ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්, තෙල් සංස්ථාව ඇතුළු ඒ ආයතන වල. මේක නිසා ආර්ථිකයට ඇතිවෙන බලපෑම කොච්චරද? ප්‍රවාහනය කියන කාරණයත් එක්ක, ආහාර නිෂ්පාදනයට, ට්‍රැකටර්වලට, ලොරි රථ වලට, පොදු ප්‍රවාහනයට විශාල බාධාවක් එල්ල වෙනවා ආර්ථිකයේ ඉදිරි වර්ධනයට විශාල විලංගුවක් ඒක තුළින් ලැබෙනවා.

ඒ නිසා මේ ඉතාම ධනාත්මක සංඛ්‍යාලේඛන කිහිපයක් තිබුණත් අපි 2022 ට සාපේක්ෂව සමාජ නිර්මාණය වෙලා තියෙනවා මේ ක්‍රියාවලිය ඉදිරියට ගමන් කිරීමේදී රැකියා අහිමිවීම මගින් කර්මාන්ත වැසී යාම මගින් ඒ වගේම මේ අධික ජීවන බර දරා ගැනීමට නොහැකි වීම නිසා අපි මේ සභාවට අපගේ ක්‍රම සහ විධි වාර්තාවෙන් ඉදිරිපත් කළා ආහාර මිල ගණන් පාලනය නොකිරීම නිසා ඇති වී තිබෙන තත්ත්වය ඒ නිසාම අපි ඒකට මැදිහත් වීමේ ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන්ම පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය කිසියම් දුරකට අපට පාලනයක් ඒ සම්බන්ධයෙන් ඇති කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. නමුත් ඒ පාලනය ඉදිරි කාලයේ දී ඇතිකර ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේ රටේ වෙළඳපොලේ විවෘත භාවයක්, වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය මිනිස්සු දැනගන්න අවශ්‍යයි ඒ කාරණා මොනවද කියලා. උදාහරණයක් හැටියට රටට ඖෂධ ගෙන්වන්නේ කීයටද කියලා මිනිස්සු දැනගන්න අවශ්‍යයි. තමන් ඖෂධයක් මිලදී ගන්න යනකොට. තමන් පෙට්‍රල් ලීටරයක් ගහන්න යන කොට පෙට්‍රල් කීයටද ගෙනාවේ කියලා දැනගන්න අවශ්‍යයි. තමන් ගෙවනකොට. මේකේ හැටියට ගල් අඟුරු මිල ඉතා සීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. ගල් අඟුරු ටොන් එකක් කීයද? කිලෝවක් කීයද? විදුලි ඒකකයක් කීයද? කියන එක දැනගන්න අවශ්‍යයි. ආහාර ගන්නකොට අර්තාපල් කීයටද ගෙනාවේ? කීයටද ගත්තේ? ලොකු ළූණු කීයටද ගෙනාවේ? කීයටද විකුණන්නේ? මේ පිළිබඳ දැනුවත්භාවයක් අවශ්‍යයි. ඉතින් කණගාටුවට කාරණේ, වසර 15 ක පමණ කාලයක සිට මේ ක්ෂේත්‍රවල ඩිජිටල්කරණය වෙනුවෙන් විශාල උනන්දුවක් විශාල වැඩපිළිවෙළක් තිබුණත් තාමත් ලංකාවේ ඉන්නේ අවුරුදු 15 ක් පිටිපස්සේ. අපේ අල්ලපු රට වෙච්චි ඉන්දියාව අපේ අල්ලපු රටවල් වෙච්ච බංගලිදේශේ, අපේ අල්ලපු රටවල් වෙච්ච පාකිස්තානේ, මේ හැමතැනම ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ රටවල් අපට වඩා සාක්ෂරතාවයෙන් අඩුයි. එනම් නූගත් අපට වඩා ඒක පුද්ගල ආදායම අඩුයි. එනම් දුප්පත්. අපි තරම් හොඳ සම්බන්ධිතභාවයක් නෑ. නමුත්, මේ සියලු ක්ෂේත්‍රවල ඒ අය විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන යනවා. ඒ නිසා කවර ආණ්ඩුවක් ඉදිරි කාලයේ මේ ජනාධිපතිවරණයක් එනවා ඒ ජනාධිපතිවරණය කවර ආණ්ඩුවක් ආවත් මේ රටේ ඩිජිටල් යටිතල පහසුකම නැංවීම ප්‍රමුඛතම අරමුණ විය යුතුයි. මේ රටේ හැමදාම මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරලා තියෙන්නේ වරායවල් කීයක් හදලා තියෙනවද? අධිවේගී මාර්ග කීයක් හදලා තියෙනවද? විදුලි බලාගාර කීයක් හදලා තියනවද ගුවන්තොටුපොළවල් කීයක් හදලා තියෙනවද? කියන ඩිජිටල් යටිතල පහසුකම සෑම රාජ්‍ය ආයතනයක්ම සම්බන්ධීකරණය කරගෙන ගොඩනගා ගැනීම අපි කියනවා ඒකට Public Digital Infrastructure (PDI) මේක අද මේ රටේ අත්‍යවශ්‍ය දෙයක්.

මේක අද මේ රටේ තියෙනවා නම්, ග්‍රාමසේවක සහතිකයක් ගන්න ගියත්, උප්පැන්න සහතිකයක්, මරණ සහතිකයක්, පාස්පෝට් එක, ඒ වගේම හැඳුනුම්පත, එහෙම නැත්නම් ඊට ඔබ්බෙන් ගිහිල්ලා අපගේ ඉඩම් අයිතිය පිළිබඳව, නිවාස අයිතිය පිළිබඳව දඩ මුදල් ගෙවීම, ආදායම් බදු ගෙවීම, ආදායම් වියදම්, මේ සියල්ල මේ වේදිකාවක් මත කරන්න පුළුවන් නම්, මේ රටේ, මේ පාන් පිටි වලට, කිරිපිටි වලට, සීනි වලට, භූමිතෙල් වලට, පෙට්‍රල්වලට, ඩීසල් වලට බදු ගහන් නැතුව මේ රටේ බදු ආදායම පහසුවෙන්ම ට්‍රිලියන පහේ සීමාවට ගෙනියන්න පුළුවන්. අද ආණ්ඩුව නොයෙක් බදු යෝජනා කළා. ඒවා ක්‍රියාත්මක කළා. ක්‍රියාත්මක කරලා දැන් අවසාන වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදු දෙකයි. එකක් මේ වත්කම් බද්ද, අනිත් එක තමයි බූදල් බද්ද, මේ දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ විසි පහට. නමුත් අපි යෝජනා කරන්නේ මේ රට කෙටි කාලයක් ඇතුළත, මාස හයක් වගේ ඇතුලත අපගේ මේ ඩිජිටල් යටිතල පහසුකම අපි හරියට, ඒකේ අවශ්‍ය කරන සෑම ආයතනයක්ම, සෑම තැනක්ම ඒකට මේ වෙනකොට සූදානම් වෙලා තියෙන්නේ. ඒකාබද්ධ මාස හයක් ඇතුළත රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙනවා. රාජ්‍යයේ දූෂණය අවම වෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය ආදායම් පහසුවෙන්ම දෙගුණ කරගැනීමේ හැකියාව තියෙනවා.

මේ ජූනි මාසේ වෙනකොට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ආසන්නයෙන් තමන්ගේ ඉලක්ක සපුරාගෙන තියෙනවා. හැබැයි, මේ ඉලක්ක සපුරාගෙන තියෙන්නේ, විශාල සමාජ බරක්, සමාජ පිරිවැයක්, මේ රටේ අර්බුදය කිසිම සම්බන්ධයක් නැති සාමාන්‍ය ජනතාව මත පැටවීමෙන් ඒ වගේම මේ අර්බුදයට වගකිවයුතු ඒ වගේම යම් ධන උත්පාදනයක් සහිත විශාල පිරිසක් ගැලවිලා තියෙනවා බදු නොගෙවීමෙන්. ඒ වගේම බදු පොලු තැබීමෙන් හා බදු සහන ලබාදීමෙන්. මං මේ පාර්ලිමේන්තුවට කීප වතාවක්ම ඉදිරිපත් කරලා තියෙනවා. මේ අපේ රටේ බදු පොලු ප්‍රමාණයයි, බදු සහන ප්‍රමාණයයි එකතු කලහම එකතුවෙන බදු ප්‍රමාණයට ආසන්නයෙන් සමානයි. ඒ වගේම බදු නොගෙවන ප්‍රමාණය, ගැලවිලා ඉන්න ප්‍රමාණය, වාර්තා නොවෙන ප්‍රමාණයත් ඊට සමානයි. ඉතින් නිසා මේ සම්බන්ධයෙන් වෙච්ච සමස්ත විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව අපට තියෙනවා.

රටේ රාජ්‍ය බැංකු තුනේ විතරක් බිලියන 620 කට ආසන්න අක්‍රීය ණය, නොගෙවන ලද ණය තියෙනවා. ඒ වගේම රටේ අනෙකුත් බැංකු සියල්ලත් ගත්තහම මේක අති විශාල ප්‍රතිශතයක්. මේක තුළ ඉන්නවා ඉතා අවංක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ දායක වෙච්ච පිරිසක්. මිලියන තුනක් මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ මේ ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි වීමේ අර්බුදයට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මං කැමතියි රජයට යෝජනා කරන්න රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා නම් රට විසින් ගත්ත ණය යම් ආකාරයකට ගණනය කිරීමක් කරලා ඒ ණය වලින් 30% ක් පමණ නොගෙවා ඉන්න තැනට අපි අපේ විදේශීය ණය හිමියන් සමඟ සාකච්ඡා කරලා එකඟතාවයන් ඇති කර ගන්නවා නම්. ඇයි මේ රටේ පුරවැසි බිලියන දෙසිය පනහක් පමණ අපේ පුරවැසියෝ ණය වෙලා තියෙනවා. කර්මාන්ත කරන්න ගිහිල්ලා. රටට රැකියා උත්පාදනය කරන්න ගිහිල්ලා. ඒ වගේම බිලියන පන්සිය හැටපහක් විතර රත්තරන් බඩු උකස් කරලා තියෙනවා. ඒ වගේම මේ රටේ ක්ෂුද්‍ර ක්ෂේත්‍රයේ ඉන්නවා මිලියන දෙකයි දශම හතරක කාන්තාවෝ ණය ගෙවා ගන්න බැරුව, ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට හසුවෙලා. විශාල ප්‍රමාණයක් මේ ණය උගුලේ ගැට ගැහිලා තියෙනවා මේ වලට අහුවෙලා. මේ අය සම්බන්ධයෙන් මේ ණය වෙලා තියෙන මිනිස්සු සම්බන්ධයෙන් සමස්ත උත්තරයක් රටට අවශ්‍යයි. ඒ අයගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා සමස්ත රාජ්‍ය උත්තරයක් හොයාගත්තේ නැත්තන් අපි මේ මොන සංඛ්‍යාලේඛනවලින් රටේ ආර්ථික තත්ත්වය හොඳයි කියලා ප්‍රකාශ කළත් සමාජ ඛේදවාචකයක් නිර්මාණය වෙමින් තියෙනවා.

මේ ඉතාම ජනකාන්තවාදී කටකතාවලට මේ රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ. මේ ලබාදෙන ස්ථාවරත්වය අවුල් සහගත වෙන, ජනකාන්තවාදී ප්‍රකාශවලට ඉදිරි ජනාධිපතිවරණයේදී ඉඩක් තැබිය යුතු නෑ. මෙතනින් ආර්ථිකය වර්ධනය කරමින් ණය ගෙවාගත හැකි රටක් බවට පරිවර්තනය කරන ක්‍රියාදාමයකට හැර ජනකාන්තවාදී ප්‍රවේශයක් අරගෙන, මේ ලැබිලා තියෙන තාවකාලික ස්ථාවරත්වය හරි, අවුල් වෙනවා නම්, ඒක වැළැක්වීම, මේ රටට ආදරය කරන සෑම ජන කණ්ඩායමකගේම, සෑම පුද්ගලයෙකුගේම වගකීමයි.”


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT