Local

දිවංගත වී වසර 192යි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඥාතීහු පින් දෙති

Wednesday, 31 January 2024 - 3:29 pm

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඥාති පිරිස මහනුවර නාථ දේවාල පරිශ්‍රයේ දී ආගමික වතාවත් හි නිරත වූ අයුරු.

මෙරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දිවංගතව වසර 192ක් සපිරීම නිමිත්තෙන් රජුගේ ඥාතීන් පිරිසක් ඊයේ (30) මහනුවර නාථ දේවාලයට පැමිණ විශේෂ පූජාවක් පවත්වා රජුට පින් අනුමෝදන් කළහ.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු මෙරට රාජ්‍යත්වයට පත් නායක්කර් වංශික රජ පෙළපතේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1815දී ඉංග්‍රීසි පාලකයන්ගේ අත්අඩංගුවට පත්විය.
මදුරාසියේ වෙල්ලෝර් ප්‍රදේශයේ සිරගතව සිටියදී 1832 ජනවාරි 30 වැනි දින රජු මියගිය බව ඉතිහාසයේ සඳහන්ය. එම දිනය සිහි කරමින් රාජසිංහ රජුගේ ඥාති පරපුරේ දැනට ජීවත් වන හත්වන පරම්පරාව නියෝජනය කරන මහනුවර හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිව සිටින මෝගන් පෙරිම්බනායගම්, අරුන් සෙල්වරාජ්, එන්. ශන්මුගරාජා, වේලුසාමි පත්මනාදන්, රමේෂ් සුබ්‍රමනියම්, එන්. ඥානේෂ්වරම් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT