Local

ලෝක තරුණ උළෙල 2024 මාර්තු 01 සිට 07 දක්වා රුසියාවේ දී සොචි හි දී පැවත්වේ

Friday, 24 November 2023 - 10:45 am

ලෝක තරුණ උළෙල 2024 මාර්තු 01 සිට 07 දක්වා රුසියාවේ දී සොචි හි දී පැවත්වේ

මෙම උත්සවය 2023 අප්‍රේල් 05 වන දින රුසියානු සමුහඳුවේ සභාපති විසින් අත්සන් කරන ලද අංක 249 දරණ “ලෝක තරුණ උළෙල පැවැත්වීම පිලිබඳ” සම්මුතිය යටතේ සංවිධානය කෙරෙනු ඇත.

ඒ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (23) රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මෙරට රුසියානු තානාපති Levan Dzhagaryan මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ගෝලීය තරුණ ප්‍රජාව සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පදනම්ව එක් අරමුණක් ඔස්සේ එක්සේසත් කරන මෙවැනි උත්සවයක් රුසියාවේ සංවිධානය කෙරෙන්නේ මුල්වරට නොවේ.

එමෙන්ම, මෙම උළෙලේ ආරම්භක දිනය, රුසියාව විසින් සංවිධානය කළ 2014 ඔලිම්පික් උළෙල නිමා කළ දිනයේ දශ වර්ෂ සැමරුම දී තිබීම ද විශේෂත්වයකි. උත්සවය පැවැත්වෙන්නේ “ඔලිම්පික් පාර්ක්” ක්‍රීඩාංගනයේ දී ය.

මෙම උත්සවයේ අරමුණ වන්නේ අනාගතය පිළිබඳව සිතන වඩාත් ප්‍රගතිශීලි තරුණ තරුණියන් එක්සත් කිරීමයි. විද්‍යාත්මක සහ අධ්‍යාපනික ක්‍රියාකාරකම් මාලාවක් හරහා උත්සවයේ ඉලක්කය සාක්ෂාත් කරගැනී ලැබේ.

එමෙන්ම, මෙහි විවෘත සාකච්ඡා ද පැවැත්වේ. සහභාගී වන්නන්ට උත්සවය ඇමතීමට ද අවස්ථාව හිමිව තිබේ. විද්‍යාව, සංස්කෘතිය, ක්‍රීඩා, මාධ්‍ය, පුණ්‍යායතන සහ ස්වේච්ඡා සේවය, ජාත්‍යන්තර සම්බන්ධතා ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන තරුණ නායකයින් රටවල් 180 කින් මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.

සහභාගීවන්නන්ගේ වයස් සීමාව අවුරුදු 35 ට අඩු විය යුතු අතර තෝරාගැනීම තරඟකාරී කමවෙදයකට අනුව සිදු වේ. උත්සවය සඳහා තරුණ තරුණියන් 20000 ක් සහභාගි වන අතර රුසියාවෙන් 10,000 ක් සහ විදේශයන්ගෙන් 10,000ක් සහභාගී වනු ඇත.

මෙම උත්සවය තරුණ තරුණියන්ගේ අනාගතය සංවර්ධන සඳහා සාමූහික දැක්මක් පෝෂණය කරනු ඇත.


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT