Local

මැණික් ගල් 15කට මුදල් නොමැති චෙක් දී වංචා කළ 06ක් CIDය‌ට මාට්ටු

Saturday, 20 January 2024 - 10:19 am

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැණික් ගල් 15ක් ලබාගෙන ඒ සඳහා ලබා දිය යුතු මුදල් රුපියල් 28,750,000ක් සඳහා මුදල් නොමැති ගිණුම්වලින් චෙක්පත් ලබා දී වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ලක් මත මෙම මුදල් වංචාවට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (19) කොටුව පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සඳහා අධාර අනුබල දුන් අනෙක් සැකකරුන් දෙදෙනා සහ සැකකාරීන් තිදෙනා යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24, 30 හා 36 යන වයස්වල පසු වන බේරුවල හා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

එසේම අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25, 43, හා 53 යන වයස්වල පසු වන යාපනය ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT