Local

දුමින්ද සිල්වා 17 චෝදනාවෙන් නිදොස් කොට නිදහස්…

Sunday, 15 September 2024 - 9:30 am

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ චෝදනාවලට වරදකරු කර කොළඹ විශේෂ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල බහුතර එකඟතාවයෙන් මරණීය දණ්ඩනය නියම කොට තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවි ජයනාත් විත්තිකරුවන් සියලුදෙනාම එම නඩුවේ 17 වන චෝදනාවෙන් එනම් නීති විරෝධි ටී-56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හා ඒ සඳහා ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය යන චෝදනාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා (13දා) විත්තිකාර පාර්ශ්වයට දැනුම් දුන්නේය.

2018.10.11 වැනිදා නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ එකී තීන්දුව අනුව මහාධිකරණය විසින් ආර්. දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට 2016.09.08 වැනිදා එකී චෝදනාවට නියම කළ ජිවිතාන්තය දක්වා වූ සිරදඬුවම බලශුන්‍ය වන බවත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ චමින්ද රවි ජයනාත් (දෙමටගොඩ චමින්ද) හා සරත් බණ්ඩාර (එස්.එෆ්. සරත්) යන විත්තිකරුවන්ට විනිසුරුවරයා පහදා දුන්නේය.

මේ වනවිට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ආර්. දුමින්ද සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කොට නොතිබූ අතර ඔහුගේ රෝග තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයකු විසින් බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

තම අධිකරණය විසින් සෙසු විත්තිකරුවන් දෙදෙනාට දැනුම් දුන් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එම නඩුවේ 11 වන විත්තිකාර ආර්. දුමින්ද සිල්වා මහතාට දැනුම්දීමට පියවර ගන්නා ලෙසටද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ එකී තීන්දුව අනුව 7 වන විත්තිකාර සරත් බණ්ඩාර නැමැත්තාට නව බන්ධනාගාර බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසටද මහාධිකරණ රෙජිෂ්ට්‍රාර්වරයාට නියෝග කළේය.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රවින්ද්‍ර ද සිල්වා මහතා පෙනී සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT