Local

යටි­තල පහ­සු­කම් සහ උපාය මාර්ගික ආංශික කාරක සභාවේ නව සභා­පති මන්ත්‍රී අජිත් පී. පෙරේරා

Saturday, 31 May 2025 - 11:39 am

යටි­තල පහ­සු­කම් සහ උපාය මාර්ගික සංව­ර්ධ­නය පිළි­බඳ ආංශික අධී­ක්ෂණ කාරක සභාවේ සභා­පති ධුර­යට පාර්ලි­මේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පත්කර ඇත.
පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (27) පැවති දස වැනි පාර්ලි­මේ­න්තු­වට අදාළ යටි­තල පහ­සු­කම් සහ උපාය මාර්ගික සංව­ර්ධ­නය පිළි­බඳ ආංශික අධී­ක්ෂණ කාරක සභා රැස්වී­මේදී මේ පත්කි­රීම සිදු කර ඇත.
මේ ආංශික අධී­ක්ෂණ කාරක සභාවේ සභා­පති ධුරය විප­ක්ෂයේ මන්ත්‍රී­ව­ර­ය­කුට දීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විප­ක්ෂය අතර එක­ඟ­ත්වය පළ වී තිබිණි.
ඒ අනුව සභා­පති ධුර­යට පාර්ලි­මේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහ­තාගේ නම පාර්ලි­මේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජය­මහ මහතා විසින් යෝජනා කළ අතර, පාර්ලි­මේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ස්ථිර කළේය.
පසුව ජූනි මස 05 වැනිදා පාර්ලි­මේ­න්තුවේ දෙවැනි වර කිය­වීමේ විවා­ද­යට ගැනී­මට නිය­මිත ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභා (සංශෝ­ධන) පනත් කෙටු­ම්පත මෙහිදී සාක­ච්ඡා­වට ගත් අතර, ප්‍රවා­හන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශය ඇතුළු අදාළ ආය­තන කිහි­ප­යක නිල­ධා­රීහු ඊට සහ­භාගි වූහ.
ගම­නා­ග­මන කොමි­ෂන් සභාව දීර්ඝ කාල­යක් මුළුල්ලේ මුහුණ දුන් ප්‍රායෝ­ගික ගැට­ලු­ව­ලට විස­ඳුම් සඳහා ප්‍රති­පා­දන ඇතු­ළත් කර­මින් මේ සංශෝ­ධන පනත් කෙටු­ම්පත ඉදි­රි­පත් කළ බව නිල­ධා­රීන් මෙහිදී පැවැසූ අතර, ඊට කාරක සභාවේ අනු­මැ­තිය හිමි විය. ප්‍රවා­හන ක්ෂේත්‍රයේ සිදු විය යුතු මූලික වෙන­ස්කම් පිළි­බ­ඳව ද මූලික කරුණු මෙහිදී සාකච්ඡා විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT