Local

මහින්දගේ කැමැත්ත ගැන දිලුම්ගෙන් හෙළිදරව්වක්

Tuesday, 06 August 2024 - 10:38 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු පත්කිරීමේ තීරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්තක් නොතිබූ බව රාජ්‍ය  අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

ඊයේ රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

'මහින්ද රාජපක්ෂ මහතා පක්ෂය අභ්‍යන්තරයේ හිටපු සාකච්ඡාවලට අපි ඉඳලා තියෙනවා. අදටත් ඔය කියන දේශපාලන මණ්ඩල රැස්වීමට දවස් දෙකකට කලින් පොහොට්ටුවේ මන්ත්‍රීවරු 30දෙනෙක් මහින්ද රාජපක්ෂ මහතා එක්ක සාකච්ඡා කරපුවාම, එතුමා කිව්වේ මම සහමුලින් විරුද්ධයි වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාට අපි රනිල්ට සහාය දිය යුතුයි එතුමා මේ කරගෙන යන වැඩපිළිවෙළට ඒ නිසා පක්ෂයෙන් අපේක්ෂයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ කියන එක තමයි එතුමා කිව්වේ... මම විතරක් නෙමෙයි සාක්ෂියට තව 29 දෙනෙක් ඉන්නවා.'

ප්‍රශ්නය - ඇත්තටම පොහොට්ටුවෙන් වෙනත් අපේක්ෂයෙක් දාන්න ඕනේ වුණේ කාටද ?

'දැන් කියන දේවල්වල හැටියට සහ එදා දේශපාලන මණ්ඩලයේදී මහ ලේකම්තුමා ප්‍රකාශ කළ විදිහට මහ ලේකම්තුමා තමයි ඒක ප්‍රකාශ කරන්නේ. හැබැයි එතුමාගේ තනි වුවමනාව වෙන්න විදිහක් නැහැ.'

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT