Local

විශාදය (Depression)

Saturday, 09 March 2024 - 4:37 pm

සමාජය එකිනෙකා වෙනස් කොට සැලකීමට හේතුවන එක් ප්‍රධාන කාරණයක් වන්නේ ඔවුන් 'සාමාන්‍ය' හා 'අසාමාන්‍ය' ලෙස වර්ග කිරීමයි.

යමෙකු අසාමාන්‍ය ලෙස වර්ග කිරීමට සමාජය යොදාගන්නා සුලබ ක්‍රමය වන්නේ ඒ පුද්ගලයා මානසික රෝගියකු ලෙස හැදින්වීමයි.

නමුත් යම් අයෙකු හට මානසික රෝගයක් ඇත්දැයි අනුමාන කිරීම අපහසු වන අතරම එය වෛද්‍යවරයකු විසින් පමණක් කල යුත්තකි.

දැනට සමාජයේ බහුලවම පවතින මානසික රෝගයක් ලෙසෙ විශාදය හැදින්විය හැක.ඔබ අප සැම දෙනා ජීවිතයේ එක් මොහොතක හෝ විශාදය (Depression) හෝ ඊට ආසන්න තත්වයකට බදුන් වී ඇත.

අප සියලු දෙනාම ශෝකී හා මානසිකව බිදවැටුණු අවස්ථා වලට මුහුණ දී ඇත.සමහර අවස්ථා වල එම මානසික තත්වයට හේතුවක් ඇති අතර සමහර අවස්ථා වල පැහැදිලි හේතුවක් නැතිවිය හැක.

මෙවැනි ශෝක තත්වයන් කාලයත් සමග සමනය වන අතර පවුලේ අය , සමීපතමයන් සමග කතා බහ කිරීමේන් තුරන් කරගත හැක.

නමුත් විශාදය ඇතිවිට දී....

* රෝගයේ මුල් අවධියදී ශාරීරික රෝග් ලක්ෂණ පෙන්නුම් කරයි ( උදා - හිස රුදාව , ඇග පත වේදනාව , මහන්සි ගතිය ).

* එදිනේදා කටයුතු / රැකියාව ට ඇති උනන්දුව අඩු වීම.

* සිතේ සතුටක් නොමැති කම.

* මීට පෙර සාර්ථකව කල කාර්‍ය දැන් කල නොහැකි බව.

*කෑම අරුචිය

* නින්දා යෑමේ අපහසුව හා පාන්දර අවදි වීම.

* නුරුස්සන සුලු ස්වභාවය.

*ලිoගික ක්‍රියාකාරිත්වය අඩුවීම.

ඇතිවිය හැක....

මෙහිදී පවුලේ සාමාජිකයන් , හිතවතුන් දැනගත යුතු වැදගත් ම කාරණයක් වන්නේ මෙය සුලබ රෝගයක් හා ප්‍රතිකාර කල හැකි රෝගයක් බවයි.විශාදය යනු දුර්වල බවක් හෝ කම්මැලි කමක් නොවේ.

විශේෂයෙන්ම ගර්ඹණී කාලයේ හා සුලබ ලෙස පසු ප්‍රසව කාලයේදී ද විශාදය ඇතිවිය හැක.

මෙහිදී පහත ප්‍රතිකාර පිලිබද දැනුවත් වීම වටී.

* රෝගීයාට සතුටක් හා තමා ගැන ව්ශ්වාසය ගොඩනැගෙන කෙටි කාලින ක්‍රියා කාරකම් සකසා දීම.

*තමාටම වරද පටවාගැනීමට විරුද්ධව තමාම කටයුතු කිරීමට රෝගීයා දිරිමත් කිරීම.

*රෝගීයාට දැනට පවතින ජීවන ගැටලු හා සමාජයේන් එල්ලවන පීඩාකාරී අවස්ථා හදුනා ගැනීම.එම ගැටලු නිරාකරණය කිරිමට ගතහැකි පියවර ගැනීම.

*අවශ්‍ය අවස්ථා වලදී කල් නොයවා මනෝ වෛද්‍යවරයකු ගේ උපදෙස් පැතීම

නැවතත් අවසාන වශයෙන් කීමට ඇත්තේ විශාදය (Depression) යනු සමාජයේන් කොන් කිරීමට වඩා සමාජයේ අවධානය හා උදව් අවශ්‍ය වන සාමාන්‍ය සුව කල හැකි රෝගී තත්වයක් බවයි

වෛද්‍ය සචිත් හර්ෂණ බණ්ඩාර
MBBS - Rajarata
ආයතන භාර වෛද්‍ය නිලධාරී
ප්‍රාදේශීය රෝහල සහ පුනරුත්ථාපන ඒකකය
කැන්දගොල්ල - බදුල්ල


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT