හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව යළිත් විශ්වාසභංගයක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.
අද (12) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු කියා සිටියේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බේරාගත් කණ්ඩායමට මෙවර ඡන්දයේදී හදවතක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳව බලා ගැනීමට හැකි බවයි
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංගයක් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රටේ විවිධ පාර්ශ්ව සහ සිවිල් සංවිධාන සමගි ජන බලවේගයෙන් ඉල්ලීම් කරන බවද ඔහු මෙහිදී පැවසුවා.