Local

කථානායකවරයාගේ නිවේදන

Friday, 17 November 2023 - 5:29 pm

“ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරී‌මේ) (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පත් කළ අතිරේක සාමාජිකයන්


“ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරී‌මේ) (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන් වන මන්ත්‍රීන් අතිරේක සාමාජිකයන් වශයෙන් තමන් විසින් නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ගරු විදුර වික්‍රමනායක, ගරු අරුන්දික ප්‍රනාන්දු, ගරු සනත් නිශාන්ත, ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා , ගරු බුද්ධික පතිරණ , ගරු නිමල් ලාන්සා, ගරු හෙක්ටර් අප්පුහාමි, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරයන් උක්ත පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පත් කොට තිබේ.

වරුණ ලියනගේ මහතා වෙනුවට සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා පත් කිරීම

යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා සූදානම් වීමේ දී මතුවන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වරුණ ලියනගේ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 106 හි විධිවිධාන අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT