Local

ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි

Thursday, 11 April 2024 - 9:36 am

ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය (10) දිනය පුරා බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එම අවස්ථාවට එක් විය.

පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික ක්‍රීඩා අංග රැසකින් සමන්විත වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කළ සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය.

අද පස්වරුවේ අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් පිළිගනු ලැබූ අතර අවුරුදු කුමරි තරඟයේ ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.

ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT