කප්පම් ඉල්ලීමේ සිද්ධියකට ‘මල්වත්තේ අමිල’ ඇතුළු තිදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිවරයාට දුරකථනයෙන් මරණ තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදල් ඉල්ලූ බව පවසා කොළඹ අපරාධ කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ විමර්ශණ ඒකකයට කරන ලද පැමිණිල්ලකට අනුවයි.
සැකකරුවන් ලඟ තිබුණු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 22 යි මිලිග්‍රෑම් 970 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 940 ක් සහ කප්පම් ඉල්ලීම සඳහා යොදාගත් ස්මාර්ට් ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.