Local

පළාත් පාලන නාමයෝජනා අවලංගු කිරීමේ තීරණයක්

Tuesday, 03 December 2024 - 7:46 pm

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ පිළිබඳව පසුගිය මස 25 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී වී ඇති පක්ෂ නායක රැස්වීමේදි 2023 වර්ෂයේ කැඳවන නාම යෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්.

ඒ අනුව දැනට කැඳවා ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ආපසු කැඳවීමට සහ නව නාම යෝජනා කැඳවීම පිණිස විධිවිධාන සැලැස්වීමට හැකිවන පරිදි මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය ලැබෙන සේ පළාත් පාලන ආයත ආයත ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරන ලෙස තීනි කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT